Part 11

547 86 83
                                    

" ඇයි උබේ ප්‍රශ්නේ මොකද්ද ..."

කේනායා ඒ කොල්ලො කිහිප දෙනාගෙන් අහද්දී ලියුමි බය වෙලා කේනායා ගෙ අතින් ඇද්දට අර කොල්ලො ටික නන් කේනායාටත් විහිලූ කරා .

" අක්කෙ.. අක්කෙ.. අපි යන් ඇහුන්නැ වගෙ "

ලියුමි බයෙන් වගෙ කියව්වත් කේනායා පොඩ්ඩක්වත් ගනන් ගත්තෙ නැ . ලියුමි ආස නැ රන්ඩූ ඇති කරගන්න ... කේනායා කොහොමත් රන්ඩූ වලට පැටලෙනවාට ලියුමි කැමති උනෙ නැ .

" ඇහුන්නැත්තෙ කොහෙද ... ඇහුනා ඇහුනා මෙ පොඩි පකයා කිව්ව එක "

"අක්කෙ!!"

ලියුමි , කේනායාගෙ අතට හයියෙන් පාරක් ගහලා කේනායාවත් ඇදගෙන ගියෙ අර කොල්ලො ටික තවමත් හිනාවෙමින් ඉද්දි..



" මොකද ඇදගෙන ආවේ "

" මේ පන්සලනෙ... පන්සලෙ හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා "

කේනායා මුකුත් නොකියා පහන් වැට ලගට ගියෙ ලියුමි කෙන්තියෙන් ඉන්නෙ කියලා දැනුන නිසා . ලියුමි ඉස්සර වගෙ කේනායාට බය නැහැ... සමහර වෙලාවට කේනායාට බනිනවා නැත්තම් රවනවා... කේනායාත් ඒ වගෙ දේවල් වලට හරි ආසයි... කේනායාට දැනෙන්න පටන් ගත්තා කේනායා ගෙ යාලුවා හැර එයාව බලාපොරොත්තුවෙන් තවත් කෙනෙක් ඉන්නවා කියලා .... කේනායාට බලෙන් ලියුමි ගෙ අවදානය ගන්න ඕනි උනෙ නැ ලියුමි ගෙ ඇස් තිබ්බෙ කේනායා දිහා විතරයී .. එත් කේනායා හැසිරුනෙ ලියුමිට අවදානය නොදෙන විදිහට .. නමුත් හැමතිස්සෙම , හැමවෙලාවෙම හොරෙන් ලියුමි දිහා බලන් ඉන්නවා .



" අක්කෙ ... එන්නකො මෙ පහන පත්තු කරන්න "

" ඇයි චුටි මැනික දැන් ගොඩක් පහන් පත්තු කරානෙ"

" නැ නැ මෙ පහන අක්කාට... කෝ එන්නකො පන්ඩිත නොවි!!"




" අක්කා හැමදාම සතුටින් ඉන්න ඕන.. එයාගෙ හැම බලාපොරොත්තුවක් ඉෂ්ඨ වෙන්න ඕන.. අක්කාගෙ කෙන්තිය අඩුවෙන්න ඕන ... අක්කා ගෙ කෙන්ති වෙනුවට ආදරේ ඇතිවෙන්න ඕන... "

ලියුමි සහ කේනායා දෙන්නම එකතු වෙලා පහන පත්තු කරද්දී ... ලියුමි පහන දිහා බලාගෙන කේනායා වෙනුවෙන් ප්‍රාර්ථනා කරා... කේනායා ගෙ ඇස් තිබ්බෙ ලියුමි ලග නතර වෙලා... පහන් එලියට ලියුමිගෙ මුහුන හරි ලස්සනට පෙනුනා... ඒ මුහුන හරිම අහිංසකයි ... දෙමාපියන් ගෙ ආදරේ ලැබුනා නන් අද ලියුමි ඔයිට වඩා වෙනස් වෙනවා... ලියුමි එන්න එන්නම ආදරේට ලොබ කම් කරා... සමහරවිට කාගෙන්වත් නොදැනුන  සෙනෙහසක් කේනායා ලගින් දැනෙන්න ඇති...


  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  حيث تعيش القصص. اكتشف الآن