' මං අක්කාට කිව්ව දේ වැරදීද ...මට ඇයි කෙන්ති ගියේ එයා යාලුවා එක්ක කිස් කරා කිව්වම... එහෙනම් මං කසුනිවත් කිස් කරනවා අක්කට පෙන්නම ... ඇයි අක්කා කොල්ලෙක් එක්ක නැතිව කෙල්ලෙක්ට ආදරේ කරේ ... ඒ කියන්නෙ අක්කා ලෙස්බියන්... ඒක මොනවගෙද දන්නැ ... අක්කා කොල්ලෙක්ට ආදරේ කරේ නැද්ද දන්නැ'
රෑ සිපගැනිමෙන් පස්සෙ ලියුමිට නින්ද ගියෙ නැ හිතට හරි අමුත්තක් දැනුනා . කේනායා අද එයාගෙ කාමරෙ නිදාගන්නවා කියලා ගිය එකත් ලියූමි හිතුවෙ වැරදි විදිහට .
' සමහරවිට මං අක්කගෙන් කිස් කරන්න කියලා ඉල්ලව හින්දා අක්කාට මාව අප්පිරිය හිතුනද දන්නැ... නැත්තම් එයා මාත් එක්ක තරහාවෙලාද... නැත්තම් මෙච්චර දවසක් එයා මා එක්කනෙ නිදියගත්තෙ ...අද එයා වෙනස් වෙලා '
ඇදේ හාන්සි වෙලා හිටිය ලියුමි නැගිටලා කේනායා ගෙ කාමරෙට යන්න හදලා නැවතත් ඇදේ හාන්සි උනා ... මොනා උනත් ලියුමි බයයි කේනායා සමහර වෙලාවට හැසිරෙන විදිහට .
ලියුමිගෙ හිතට ගොඩක් දුක හිතුනා කේනායා සිපගත්තත් ලියුමිට මුකුත් දැනුනෙ නැ ආසාවක්වත් , ආදරයක්වත් දැනුන නැ .... ලියුමිට මුකුත් තේරුනෙත් නැ .. ලියුමි ගොඩක් වෙලා කල්පනා කරා හැමදේම ඕනවට වඩා හිතුවා ... එකෙන් උනෙ තද හිසරදයක් දැනුන එක විතරයී ...
ඇස් දෙක පියාගත්තා උනත් ලියුමිට ඇඩෙන්න පටන් ගත්තා ...
' මට මෙ මොකද්ද වෙන්නෙ... මට තේරෙන්නැ දෙයියනේ '
ලියුමි අඩලා අඩලා එහෙම්ම නින්ද ගිහින් තිබුනා . කේනායා හිටියෙ ලියුමිට වඩා හිත්තැවුලෙන් . කේනායත් කාමරෙට වෙලා ලියුමි ගැන හිතමින් හිටියා .
' මං මෙච්චර මෝඩ උනෙ ඇයි...ශික්.. ඒ කෙල්ල මොනවා හිතුවද දන්නැ.. මං මෝඩ ගැනියෙක් වගෙනෙ හැසිරුනේ ... කිස් එකක් ඉල්ලුව ගමන් එහෙම දෙනවද අප්පා ... මට ඉතින් ඉන්න බැරි අමාරුවක්නෙ තිබ්බනෙ '
කේනායා කරපු දේ ගැන පසුතැවුනෙ ලියුමි දන්නෙ නැහැ ලෙස්බියන් කියන්නෙ මොකද්ද කියලා හරියටම .. කේනායා ඒ ගැන කියලා දුන්නත් ලියුමිට ඒ මුකුත් හරියටම තේරුනෙ නැ කියලා දන්නවා ... ලියුමි තවම ආදරේ කරන්න දන්නෙ නැහැ ... කිස් කරන්නවත් ලියුමි දන්නෙ නැ .. ලියුමි ඇස් වහාගෙන හිටියා විතරයී . මේ වගෙ පොඩි ලමයෙක්ට කරේ වැරද්දක් කියලා කේනායාට හිතුනා ..

ESTÁS LEYENDO
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Historia Corta𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...