Part 22

422 77 131
                                    

දවස් හතරකට පස්සෙ කේනායා නිවාඩු ගත්තා . ලියුමි ඉස්කොලේ ගිහින් කසුනිට කිව්වා ගමේ යන නිසා ඉස්කොලේ එන්න වෙන්නෙ නැ කියලා .

" අක්කෙ.... "

ලියුමි , කේනායා ගෙ අතට තට්ටුවක් දලා කතා කරා . කේනායා හිටියේ ලියුමිගෙ පොත් මේසෙ ලග ඉදගෙන ලියුමි ගෙ ඉස්කොලේ පොත් බලන ගමන්.

" ම්ම්ම්ම්ම් "

" අහන්නකො.... "

" කියන්න චුටි මැනික "

කේනායා ගෙ කටින් ' මැනික ' කියන වචනෙ පිටවෙනවාත් එක්කම ලියුමි ගෙ මුහුනෙ  හරි ලස්සන හිනාවක් ඇදුනා . ලියුමි හිනාවෙලා කේනායා අත් තදින් මිරිකමින් කැගැහුවා .


" අක්කෙ අක්කෙ අක්කෙ අක්කේඒඒ!! "

" ඇයි බන් ඇයි "

" නිකම් "

ලියුමි එහෙම කියලා අහක බලාගද්දී කේනායා , ලියුමි කම්මුලක් මිරිකුවා .

" අක්කේඒඒඒඒඒ "

ලියුමි අයෙත් කේනායාට කතා කේරුව ගමන් කේනායා , ලියුමිට ටොක්කක් ඇන්නා .

" ආව්.. මොකද!! "

ලියුමිත් සැරෙන් වගෙ අහද්දී... කේනායා බලමින් හිටිය ලියුමිගෙ පොත පෙන්නුවා .

" මොකද ... සේරම විචාර වැරදී ඈ "

" මං දන්නැ "

ලියුමි එහෙම කියලා ඉක්මනින් ඔලුව මේසෙ ගහා ගත්තා . ලියුමිට බැන්න කේනායා විචාර ලියන විදිය තේරෙන විදිහට කියලා දීලා වැරදුන සේරම විචාර  අයෙ ලියෙව්වා .



" අනෙ අප්පා.... අතත් රිදෙනවා "

" ඇයි ඔහොම බලන්නෙ "

ලියුමි විචාර ටික ලියන කල් කේනායා , රෝසි අම්මට උයන්න උදව් කරා . එත් කේනායා සැරෙන් සැරෙ කාමරෙට ඇවිත් ලියුමි ගැන බැලුවා .

ටික වෙලාවකින් කේනායා , ලියුමිට කිරි එහෙකුත් හදාගෙන කාමරෙට අවා .

  " මොකද මෙ පොත් වල පිටිපස්සෙ බලි ලියලා "

ලියුමි පොත් වල අන්තිම පිටු වල සිංදු කෑලි සහ වදන් වගෙ එක එක දේවල් ලියලා තිබුනා .

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Where stories live. Discover now