Part 23

507 80 71
                                    

පාන්දර හතරට කිට්ටු කරලා නැගිටලා කේනායා සහ ලියුමි ලැස්ති උනා . රෝසි අම්මාත් පාන්දර නැගිටලා බත් මුල් දෙකක් බෙදලා තවත් බෑග් එහෙකට දලා තිබ්බා  . කේනායා සහ ලියුමි හතරහමාර විතර වෙද්දී ඉක්මනට ලැස්ති උනෙ ගමට යද්දී වල් වෙයි කියලා හිතුන නිසා . කැළණි පන්සලටත් ගිහින් යන නිසා අනිවරෙන් පරක්කු වෙනවා කේනායා දන්නවා උනත් ලියුමිට නොකියා හිටියා ලියුමිට තිබ්බෙ හරි හදිස්සෙයක් ගමට යන්න .

" පුතෙ පරිස්සමෙන් .... සේරම බඩු ගත්තා නෙද... දුවට නින්ද යන එකක් නැ නෙද ..

සුදු නොනා.. වතුර බොතලෙ ලග තියාගන්න .. කඩ කෑම එහෙම ගිලිනවා නෙවෙ... "

රෝසි අම්ම සැරෙන් සැරෙ කේනායා සහ ලියුමි උපදෙස් දුන්නා . ' සුදු නොනාගෙ කියවිල්ල නැතිව පාලු දැනෙයි මට ' ලියුමිගෙ ඔලුව අතගලා රෝසි අම්මා ආදරයෙන් කිව්වා .

" මගෙ අම්මවත් මට මෙ තරම් ආදරේ දීලා නැ... පිට අම්මෙක්ගෙන් උතුරන්න මට ආදරේ දැනෙනවා... එයලාගෙම ලේයින් හැදුන දරුවට වඩා හදාගත්ත දරුවාව ලොකු උනානෙ...ඒ දෙමාපියො නැති උනාට මට පාඩු නැ.. එයලා මාව දලා ගියෙ තනියම වැඩ කරගන්නෙ කොහොමද කියලවත් දැනුමක් නැති කාලේ ....ලියුමි කියනව වගෙ මං හරි වාසනාවන්තයි ... අපිට ඕන ඉක්මනට ලැබෙන දෙවල් වල කාලයක් යද්දී වටිනාකම නැතිවෙනවා... පරක්කු වෙලා ලැබෙන දෙවල් වලට අගේ තවත් වැඩි වෙනව... එවා පරිස්සම් කරන්නමයි හිත කියන්නෙ... සමහරවිට දෙවල් ඉක්මනට ලබා ගන්න ඕන කියන සිතුවිල්ල නිසා ..අපි අපිවම විනාස කරගන්නවා... මට ඉස්සර උනේ ඒක... මං හිතන්නෙ එහෙමයි .. සමහරවිට මං වැරදීත් ඇති "

වාහනයට වෙලා ලියුමි සහ රෝසි අම්මා දිහා බලන් කේනායා හිතුවා . අතීතෙ උන දෙවල් කොච්චර අමතක කරත් මොකක් හරි සිද්දියක් නිසා අයෙ අයෙත් මතක් වෙන්න පටන් ගත්තා. ලියුමි හිනාවෙවි වාහනෙට නැග්ගාම කේනායා වාහනය පනගන්වා ගෙන ගමන යන්න පටන් ගත්තා .

කේනායා ගෙ කිසිම සද්දයක් නැ හිතට අමුතු වේදනාවක් දැනුනා...

" ඇත්තටම මේක හරියන වැඩක්ද... ම් එහෙම බැ මං එයාට ආදරේයි . "

" ලියුමිගෙ එක්සෑම් ඉවර උනාම ... ඉට පස්සෙ මොකක් වෙයිද... එයා කැම්පස් යයි.. එතකොට එයා වෙනස් වෙයිද "

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  حيث تعيش القصص. اكتشف الآن