" චුටි මැනික!!"
කේනායා ගෙ හිතට අමුතු දුකක් දැනෙන්න පටන් ගත්තා ලියුමි ඉකි ගහා ගහා අඩන්න ගත්තම . ලියුමි ගෙ ඇසුත් ඉදිමිලා තිබ්බා .
" කෝ දැන් ඇති... හොද පැටියනෙ"
කේනායා , ලියුමිව බදාගත්තම ලියුමිත් , කේනායට තුරුලු උනා... කේනායාට දැනුනෙ ලියුමි එයාගෙ උනුසුම හොය හොය හිටියා වගෙ කියලා . ලියුමි ගොඩක් තදින් කේනායාව බදාගත්තා .
" මෙතන රිදෙනවා ද මැනික!!"
කකුලේ තිබ්බ නිල් වෙච්ච පාරවල් අතගාමින් කේනායා ඇහුවා .
" රිදෙනවා තමා ඉතින්"
ලියුමි හිමිට මුමුනද්දී කේනායාට හිනා ගියා ... කේනායා හිනාවෙලා ලියුමි ගෙ තොල් වලට පොඩි හාදුවක් දෙද්දි ලියුමි පුදුමෙන් වගෙ බලන් හිටියට කේනායාට නම් ගානක් නැතිව හිටියා .
පැයක් තිස්සෙ ලියුමි ගෙ ඇගේ තිබ්බ පාරවල් වලට කේනායා බෙහෙත් කරා . කෑම කද්දී උනත් කේනායා , ලියුමිට කැව්වා ... කේනායා ගොඩක් ආදරණිය වචන වලින් ලියුමිට කතා කරා .. දැන් ලියුමිට මතකවත් නැහැ කේනායා ගැහුවා කියලවත් ....
" අක්කෙ... බඩ්ඩක් කියන්නම් "
ඇදේ හාන්සි වෙලා හිටිය ලියුමි ඇද විට්ටමට හේත්තු වෙලා .. කේනායා ගෙ අතට තට්ටුවක් දලා කිව්වා . කේනායා හිටියේ ලියුමි කකුල් වලට බාම් ගාන ගමන් ..
" කියන්නකො බලන්න "
කේනායා හිනාවෙලා කියද්දී.. ලියුමිටත් සතුටු හිතුනා . කේනායාත් ඇදේ හාන්සි උනෙ ලියුමි කියන්න හදන්නෙ මොකද්ද කියලා බලන්න .
" අක්කාට පුලුවන්ද ..මේ මට ලියුමි කියන්නැතුව ' චුටි මැනික' කියන්න "
ලියුමි බිම බලාගෙන කියද්දී කේනායා හිනාවෙන් උත්තර දුන්නා .
" මං ආසයි මට මැනික කියනවට මට කවුරුත්ම එහෙම කතා කරලා නැ ...එත් රොසි අම්මා නම් කතා කරනවා "
ලියුමි එහෙම කිව්වෙ කේනායා දිහා බලාගෙන .
" හැබැයි මං හැර වෙන කවුරුත් ඔයාට ඒ නම කියන්න බැ එකගනෙ"
YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...