' අක්කාට බයවෙන්නෙපා කියලා හිත හැදුවට මොකද මගෙ පපුවත් ගැහෙන්න ගත්තෙ බයට... ඊලගට මොන කරදරයක් වෙයිද කියලා බය හිතුනා.... ගමේ ගියා කිව්ව ගමන් එයා බනී... අනෙ මන්දා ඔන්න ඔහෙ බැනුම් අහනවා..
Trip එකක් ගියා කියන්නයැ නැත්තම් ... කියන්න බොරුවක් නැ . කිව්වත් බොරුව ගලපගන්නවත් බැ දැන් බයට..
ගෙදර වැඩට ආව කෙල්ලගෙ ගමේ ගියා කියලා දැනගත්තාම රෝසි අම්මටත් බනීද දන්නැ... මං දන්නවා අක්කා , අම්මට බය නැ එදා මං ආව මුල්ම දවස් වල ඇස් වල මේ තරම් බයක් තිබුණෙ නැ එයාට බයකට ඇත්තෙ එයාගෙ අම්මා මාව එයාගෙන් ඈත් කරයි කියලා වෙන්නැති... පව් මගෙ අක්කා.. ආදරේ නිසානෙ ඉතින් මෙ '
කේනායා වාහනෙ වත්තට දාද්දී ලියුමි හිතින් හිතුවා . කේනායා වාහනෙන් බැස්සාම රෝසි අම්මා ගෙදර ඇතුලින් එලියට අවාත් මුහුනෙ කිසිම සතුටක් නැ . ' අනෙ පව් මුන මැලවුණු පාටයි... අම්මා මොනාහරි කිව්වද දන්නැ' කේනායා , රෝසි අම්මා දිහා බලාගෙන වාහනෙ ඇතුලෙ තිබ්බ බඩු ටික
එලියෙන් තිව්බා.... ලියුමිත් වැඩෙට උදව් කරද්දී තුන්දෙනාම අරන්ගිය බඩුයි , ගෙදරට අරන් අවා එළවලු යි කෑමයි අරන් ගෙදර ඇතුලට අවා ." ආඅ ඔය එන්නෙ ඩබල....trip ගිහින් වෙන්නැති!! "
ගෙදරට ඇවිත් හුස්ම ටිකක් ගන්න හම්බුන්නැ කේනායා ගෙ අම්මා ඇවිත් නොන්ඩීයට වගෙ අමුතු හිනාවක් දාගෙන ඇහුවා .
' එකනෙ මන් කිව්වෙ එයාට බොරුවක් කරන්න බැ... එයා අපිට වඩා වැඩිමල් අනික හොද දැනුමක් තියෙනවා...
දෙයියනේ එයාගෙ ඇස්...අක්කා ඇස් වලට නපුරු පාටයි... මෙ නපුරු කම් පරම්පරාවෙන් එන එව්වද මන්දා '
ලියුමි බිම බලාගෙන හිතද්දී... කේනායා , ලියුමි අතට තට්ටුවක් දලා ඉගි කරලා කිව්වා කුස්සියට යන්න කියලා බඩුටිකත් අරගෙන.
" කේනූ!!! කොහෙද ගියේ තමුන්ලා "
ඇය කෙන්තියෙන් අහද්දී ලියුමි අඩියට දෙකය කුස්සියට යන දිහා ඇය රවාගෙන බලන් හිටියා .
' හම්මෙ කටේ සද්දෙ... අම්මයි දුවයි දෙන්න එකයි... ඒ උනත් එයා වයසයි කියලා පෙන්නෙ නැ තරුණ පාටයි.. නැන්දම්මා නෙ ඉතින් '

YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...