කේනායා , ලියුමි තදින් තුරුලු කරන් නිදාගෙන හිටියා. ලියුමිට පුරුද්දට වගෙ උදේන්ම ඇහැරුනත් ලියුමි හෙල්ලෙන්නෙවත් නැතිව එහෙම්ම හිටියා . ' මට අක්කට ආයෙ මෙහෙම තුරු වෙලා ඉන්න බැරිවෙයිද....' දැනුන සනික සිතුවිල්ල නිසා ලියුමි ඇස් වලට කදුලූ පිරුනා . කේනායා නිදි වගෙ හිටියට මුලු රෑම නිදාගත්තෙ නැ ලියුමිට හොරෙන් මුලු රෑම ඇඩුවා . මේ තරම් පොඩි කාලයකදී හිතාගන්නවත් බැරි තරම් ලං උනෙ කොහොමද කියලා කේනායා ටවත් හිතා ගන්න බැරි උනා .
' අම්මා නැගිටින්න කලින් ලියුමිව ඇහැරවන්නොනෙ...දෙන්නම මෙ කාමරෙ ඉන්නවා දැක්කොත් ඉවරයී!! ' එහෙම හිතුව කේනායා .... ලියුමි ව ඇහැරවන්න උත්සාහ කරා.
" ලියු!! චුටි මැනික... නැගිටින්න
බබෝ... "කේනායා ගෙ කටහඩ ඇහෙද්දී ලියුමි තවත් ඇස් තද කරලා පියාගත්තෙ නැගිටින්න බැ කියලා හිතුන නිසා .
" ඇහැරෙන්න බබෝ.... නැත්තම් අම්මා ඇවිත් මොන විකාරයක් නටයිද දන්නැ"
හිතෙ තියන දුක හිරකරගෙන ම කේනායාට වෙනස් නොපෙන්වා ලියුමි හිනාවෙලා නැගිට්ටා .
" මං කිරි එකක් හදාගෙන එන්නම්කො..
ඔයා ලැස්ති වෙන්න හොදෙ "" හ්ම්ම් "
ඇදෙ ඉදගෙන ඇගිලි එක්ක සෙල්ලම් කරමින් ඉන්න ලියුමිගෙ ඔලුව ආදරේන් අතගාලා නළල සිපගෙන කේනායා කාමරෙ න් ගියා . ' පොඩි කාලයක්වත් සතුටින් ඉන්න බැයිද....අනෙ මෙ වෙලාව හිමිට යනවානන්' එහෙම හිත හිත ලියුමි ඇගපත හොදගන්න ගියා .
" චුටි මැනික!!! "
කිරි එක අරන් කාමරෙට ආව කේනායා කිරි එක පොත් මේසෙ උඩින් තියලා ලියුමිට කතා කලා .
" මැනික!! "
" ඕඕඕ....ඉවරයී ඉවරයී මේ සබන් ගානවා "
ලියුමි ඇගහොදන ගමන් කැගහලා කියද්දී කේනායා හිනාවෙලා ඇදෙන් ඉදගත්තා . ' මට හරි පාලු දැනෙයි ලියුමි ...' එහෙම හිතමින් කේනායා , ලියුමි ඇදේ නිදාගත්ත පැත්තෙන් හාන්සි උනා .
" මෙ කිරි එක ගෙනවා ඉක්මනට බොන්න ඇවිත් ... නැත්තම් නිවෙයි හොදෙ "

أنت تقرأ
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
القصة القصيرة𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...