Part 2

590 100 49
                                    


" ලියුමි!!!! "

" මේ කෙල්ල කොහෙ ගිහින්ද ?"

" ලොකු නොනා උදේ ඉදන් මේ කෙල්ල නැනෙ " .

වලව්වෙ වැඩකාර කාන්තව බයෙන් වගෙ කිව්වා . වලව්වෙ ලොකු නොනා වෙලා ඉන්නෙ දැන් ලියුමිගෙ තාත්තාගෙ නංගී .

" ආආ ඕකි කොල්ලෙක් එක්ක පැනලා යන්න ඇති "

ඇය තම කරෙ තියෙන රන් මාලය අල්ලමින් කිව්වා .

" කරදරයක් වෙලාද කියලා බයයි නොනෙ ... ඒකී හරි අහිංසකයි "

වලව්වෙ වැඩකාර කාන්තව එහෙම කිව්වාත් ලොකු නොනා කිසිම ගානක් නැතිව හිටියා .

****

ලියුමි දිහා පාරේ හිටිය මිනිස්සු අමුතුවට බලද්දී , පාරේ හිටිය කොල්ලා මෙතන වෙන දේවල් විඩියෝ කරද්දී ලියුමිට තේරුනා එයා ලොකු කරදරයක පැටලීලා කියලා . උදව් ඉල්ලන්නවත් කවුරුත් නැතිව මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව ලියුමි ඇඩුවා .

" මට තාත්තාව ඕනෙ "

ලියුමි නැග්ගුවෙ කේනායා ආව වාහනෙ . ලියුමි ' තාත්තාව ඕන කියලා අඩද්දී ' කේනාට කේනායා ට කෙන්ති ගියා . ලියුමි වැරද්දක් නොකෙරුවාත් කේනායා වගෙම දකින හැමොම හිතන්නෙ ලියුමිත් ගණිකාවක් කියලා .

" බොරුවට අඩන්නැතුව කටවහාගනින්!! උබ මිනිස්සු එක්ක බුදියද්දී උබේ තාත්තා ව මතක් උනෙ නැද්ද?"

කේනායා එහෙම කැගහද්දී බය උන ලියුමි එක අතකින් කටවහාගෙන ඇඩුවා .


****

" මේ තැන මොකද්ද ? පොලිසියේ ද ඉන්නෙ ? "

ලියුමිට නගරේ ගැන ලොකු දැනුමක් නැ . ගමේ වගෙ වැරදි කරපු මනුස්සයාව වලව්වෙ මහාත්තයා ලගට අරන් ඇවිත් සුදුසු දඩුවම ඔවුන්ට ලබාදෙනවා  දැක තිබුනට මේ වැනි දේවල් දැක තිබුනෙ නැහැ . ලියුමි වලව්වෙ ඇතුලටම වෙලා හැදුන ගැහැනු ලමයෙක් නිසා සමාජ දැනුමක් තිබුනෙ නැ . ගමේ ලමයි එක්ක සෙල්ලම් කරාට එතැනින් එහාට ලියුමි ලෝකය මොනවාගෙද කියලා දන්නෙ නැහැ ...

බාල වයස්කාර ගැහැනු ලමයි සේරම ටික පේළියට හිට්ටවලා කේනාය ටිකක් දුරින් පුටුවක් තියලා එතැනින් ඉදගත්තා . අනිත් පොලිස් නිලධාරීනියන්  හිටගෙන හිටියා තවත් එහාට වෙන්න පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් හිටගෙන හිටියා .

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Where stories live. Discover now