Part 19

512 81 62
                                    

මාස තුනක් ඔය විදිහට ගෙවිලා .. ඒ මාස තුන ඇතුලත ලියුමි , කේනායාට හිතින් ආදරේ කරන්න පටන් අරගෙන තිබුනා ... ඒ ගෙවි ගිය කාලයෙ දී ප්‍රමෝදා සහ කසුනි , කේනායාට ගොඩක් ලං වෙලා තිබුනා . යහලුවන් විදිහට . එත් ප්‍රමෝදා නිසා ලියුමි ගෙ හිත හැමතිස්සෙම වගෙ රිදුනා එත් ලියුමි ඒ බවක් කාටවත් දැනෙන්න දුන්නැ .

කසුනි කොයිම වෙලාවකවත් ලියුමිව තනි කරේ නැ  . ලියුමි පංතියේ පිරිමි ලමයි එක්ක තරමක් දුරට හොද යහලුකම් ඇතිගෙන තිබුනා . කේනායා ඒ ගැන දන්නෙ නැති නිසා ලියුමි සැනසිමෙ හිටියා .

" ඇත්තටම මං මෙ මොන පවක් ද කරගන්නෙ... සහොදරයෙක් වගෙ මට සලකන මනුස්සාට නෙද මං මෙහෙම ආදරේ කරන්නෙ .. ඒක වැරදී කියලා දැනගෙනත් ඇයි මට හිත හදාගන්න
බැරි "

පොත් මේසෙට වෙලා ලියුමි කල්පනා කරේ කේනායා ගැන . ප්‍රමෝදා සැරෙන් සැරෙ කේනායා ට මැසේජ් දලා කේනායා ඒ දෙවල් ලියුමි එක්ක කියද්දී ලියුමි තරහා අරන් රන්ඩූ උනා . කේනායා ඒ වගෙ දෙවල් වලින් පොඩි සතුටක් ලැබුවත් කේනායා හිතුවෙ නැ ලියුමි ගෙ හිත රිදෙනවා ඇති කියලා .





" චුටි මැනික!! ලැස්ති වෙලා ඉවරද... "

ප්‍රමෝදා ගෙ ගෙදර උදවිය කේනායා සහ ලියුමිට රෑ කැමට ආරාධනා කරලා තිබුනා . කේනායා කලු පාට කොට ගවුමක් ඇන්දා ඒ ගවුමට කේනායා ව ගොඩක් හැඩට පෙනුනා .. එ වගෙම කේනායා , ලියුමිටත් සුදු පාට ගවුමක් අරන් දුන්නා ටිකක් දිග ... ලියුමි කොටට අදින්න කැමති නැති නිසා . එ ගවුම ගොඩක් ලස්සනයි ... ලියුමිට ඉටත් වඩා ලස්සනයි ...



" ආනෙ.. මගෙ කෙල්ලගෙ ලස්සන ... "

කේනායා එහෙම හිතන ගමන් ලියුමි ගෙ කම්මුල මිරිකුවා .

" අපි ගිහින් එනකල් පරිස්සමෙන් ඉන්න රෝසි අම්මෙ "

ලියුමි , රෝසි අම්මට වැදලා වාහනෙට නැග්ගා . කේනායා , ලියුමිට කැමති උනෙ කේනායා ගෙ ගෙදරට ආව දවසේ ඉදන් නෙ... එද ඉදන් තමා කේනායා ගෙ ජිවිතේ වෙනස් උනෙ.. කේනායා මෙහෙම හිනා වෙලා ඉන්න හේතුව ලියුමි ....ඒ බව හොදින් කේනායා දන්නවා .

ලියුමි හිතුවෙ නැති උනාට එයා හිතින් ආදරේ කරන වග කේනායා දන්නෙ නැ කියලා කේනායා හොදින්ම තේරිලා තිබුනෙ ලියුමි ගෙ සමහර හැසිරිම් වලින්.... මොකද කේනායා , ලියුමිට දැනුමෙන් වගෙම වයසින් ගොඩක් වැඩිමල් කෙනෙක් ඒ නිසා ලියුමි හැරෙද්දී කේනායාට තේරුම් ගන්න පුලුවන් ලියුමි ගැන .

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Where stories live. Discover now