" ඔයාගෙ අක්කා අදත් එනවද එක්කගෙන යන්න.. ඔයාට තනියම යන්න දෙන්නෙ නැද්ද අක්කා.."
පංතියට යනින් ගමන් ඉද්දී ලියුමි ලගට ආව ගැහැනු ලමයෙක් ඇහුවා .
" ඈ... කේනායා අක්කාද ..."
" එයාගෙ නම කේනායා ද ... ඔව් ඔව් ඉතින් එයා එනවද අදත් "
" ආආආ අද එන්නැ එයාට වැඩ ලූ "
ලියුමි එහෙම කියලා කසුනි එක්ක පංතියට දිව්වා . ලියුමි එක්ක සමහර ගැහැනු ලමයි හොදින් කතා කරනවා වගෙම පිරිමි ලමයි ලියුමිට කරදර කරන එක නතර කලා . සමහරවිට ඒ කේනායා නිසා වෙන්න ඇති .
" ඒ කෙල්ල කවුද කසූ "
ලියුමි පංතියට ඇවිත් ඉදගත්ත ගමන් ඇහුවා .
" එයා al පංතියේ අක්කා කෙනෙක් ... ඔයාගෙ අක්කා ඉස්කොලේ famous වගෙ... එහෙම තමා ලස්සන අයට තැන වැඩි අනික ඔයගෙ අක්කා පොලිසියේ නෙ වැඩ කරන්නෙත් ..."
" එහෙම කියන්න එපා හැමොම ලස්සනයි!! .. අනික හැම මනුස්සයාගෙම ලස්සනක් තියෙනවා "
" මම ලස්සන ද ... නැනෙ මං මහතයි , කලුයි "
" ඔව්!! ඔයා ලස්සනයි කසූ.. පොඩ්ඩක් කන්නාඩීය ලගට ගිහින් ඔයාගෙ දිහා බලාගෙන ඉන්නකො .. ඔයා කෑම ටිකක් පාලනය කරලා , කොන්ඩේ වවලා ටිකක් හැඩ උනොත් අනිවරෙන් අලුත් පෙනුමක් තියෙවි... හිතින් මවා ගන්න එහෙම ඉන්නවා එතකොට ඔයාටම තේරෙවි.. එනවා මෙතන කැතයි කැතයි ගාගෙන "
" ම්ම්ම් හරි හරි ඔව්වා ගැන පස්සෙ හිතමු... ඔයා දැන් හරියට කියොනවා අප්පා!! "
කසුනි , ලියුමි ගෙ පිටට පාරක් ගහලා හිනාවෙලා කියවන නිසා පංතියේ දොරකඩ ඉදන් ප්රමෝදා බලං හිටියා .
" ඇයි අනෙ කටක් තියෙන්නේ කියවන්නනෙ "
ලියුමි එහෙම හිනාවෙද්දී .. ඒ දිහා ප්රමෝදා කෙන්තියෙන් බලං හිටියා .
" ඇයි හැමොම හිනාවෙලා ඉද්දී... මට විතරක් හිනාවෙලා ඉන්න බැරි .. ඇයි මටම දුක් විතරක්ම ලැබෙන්නෙ... මට ඊරිසියයි හිනාවෙලා ඉන්න උන් එක්ක!! .. ඇයි මාව විතරක් පංතියේ අය චාටර් කරන්නෙ ඇයි එකීට එහෙම කරන්නෙ නැත්තෙ "
![](https://img.wattpad.com/cover/337043895-288-k394675.jpg)
YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...