Part 24

420 74 90
                                    

" මොකද උනේ අක්කෙ "

ලියුමි , කේනායා ගෙ කම්මුලේ කදුලූ පිහිදමින් ඇහුවා... කේනායා ලෙසියෙන් අඩන කෙනෙක් නෙවෙ කියලා  ලියුමි දන්නවා..

" මගෙ යාලුවා ආයෙ මෙහෙ එනවා ලූ... මට තේරෙන්නැ මැනික ... ඉස්සරහට මොන වගෙ ප්‍රශ්නයක් වෙයිද කියලා "

" අක්කේ... වෙන දෙයකට මුහුන දෙමූ අපි.. මං ඉන්නවනෙ ඕන දෙයකට. උන දෙයක් උනාවේ "

ලියුමි , කේනායා ගෙ අත තද කරලා අල්ලමින් කියද්දී කේනායා ගෙ හිතෙ තිබ්බ බය නැති උනා ... ඒ නිසා එදා සිද්ද උන දෙවල් ලියුමිට කිව්වා .


" අක්කේ එතකොට දැන් කෝ ඒ පිරිමි
ලමයා... දැන් එයා ඩොක්ට කෙනෙක් ද "

ලියුමි , කේනායා ගෙන් අහද්දී ඒ ඇස් වල නැවතත් කදුලූ පිරුනා .

" එයා මැරුණා!! සචින්තට අවුරුද්දක සිරදඬුවමක් ලැබුනා.. එයා ඒ දවස් වල හිටියේ හොද සිහියකින් නෙවෙ සචින්ත හිරෙ ගිහින් මාසයක් යන්නත් කලින් සසිනි මැරි කරලා රට ගියා... සසිනි ගැනයි අම්මා ගැනයි හිතලා හිතලාම එයා මානසික වැටුනා...

මාස හයක් විතරයී එයාගෙ අම්මා එයාව බලන්න ඇවිත් තිබුනෙ.. ඉට පස්සෙ එයා අවෙ නැ මං ඒ ගැන හෙව්වා .. එයාව මරා ගත්තෙ ගමෙ මිනිස්සුන්මයි ලියුමි!!

ඒ මරනෙට වගකින්නොනෙ මෙ රටෙ , ගමෙ මිනිස්සු .... සසිනිගෙ ගෙදර අය සචින්තව නැත්තටම නැති කරා...

කැම්පස් එකෙම පැතිරිලා තිබ්බා... සචින්ත කෙල්ලෙක්ව දූෂණය කරන්න හදලා කියලා .. ඕක පත්තරයකත් ගියා.. ඉතින් ගමෙ මිනිස්සු ඒ අම්මට බැන්නා.. සචින්තව ඉපදෙන දවසේම මරන්න තිව්බා කියලා ..

ලියුමි මං මෙහෙම අඩන්නැ... සචින්ත අනිත් කොල්ලො වගෙ කෙල්ලො එක දෙක තියාන ඉන්න , බිලා පිස්සු නටන රස්තියාදු ගහන එකෙක් නන්.. එත් ඒ මනුස්සයා වගෙ පිරිමියෙක්  මං දැකලා  නැ ලියුමි ... අමාරුවෙන් ඉගෙන ගෙන අම්මවත් බලාගෙන හිටිය කොල්ලෙක්.. තාත්තා දලා ගිය දවසේම නොසැහෙන්න දුක් වින්දා.. අම්මා අඩන වාරයක් ගානෙ ඌ කොච්චර හිතින් පසුතැවෙන්න ඇතිද... සසිනිට සැලකුවේ ඌ අම්මෙක්ට වගෙ... මං පිරිමි මිනිස්සු ගැන මවාගෙන හිටියෙ වෙනම විදිහකට...මගෙ තාත්තා කියන මනුස්සයා නිසා... එත් සචින්ත වගෙ පිරිමි මිනිස්සුත් ඉන්නවා ඌ මට පෙන්නුවා...

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Where stories live. Discover now