" ආ..හ්.. හරි හරි බන්... ටවල් එක කඩන් වැටෙයි... කෝ එහාට "
කේනායා එක අතකින් ටවල් එක අල්ලගෙන අනිත් අතින් ලියුමි ගෙ අත් දෙක අගෙන් අයින් කරන්න උත්සාහ කලා .
" බැහැ....... ආදරේයි නෙද කියන්නකො "
ලියුමි තවත් අත් දෙක තද කරමින් කේනායා ව තුරුලු කරගත්තා .
" මගෙ පපුව බන් අහ්..... ඔව් ඔව් ආදරේයි ආදරේයි "
" නැ ඔයා ආදරේ නැ එකනෙ බන් බන් කියන්නෙ "
" ලියුමි!! අත ගනින්කො මං උඹට ආදරේ ගැන කියන්න "
" බැ බැ ඔයා ගානවනෙ එතොට..."
" නැ ගහන්නැ අතගනින්කො "
කේනායා ගහන්නැ කිව්ව නිසා ම ලියුමි අත දෙක අතහැරියා ... කේනායා ,ලියුමි ගෙ පැත්තට හැරිලා ඔලුව අතගාද්දී ලියුමි , කේනායා ගෙ පපුවට තවත් තුරුලු උනා .
" මගෙ ආදරේ මෙච්චරක් කියලා කියන්න බැ ලියුමි .... ඒක වචනෙන් කියන්න මට තේරෙන්නෙත් නැ . මං උඹට ඒ තරම් ආදරේයි!! ... මගෙ හැමදේම උඹනෙ බන්... මං මෙ හැමදේම කරන්නෙ අපෙ අනාගතේ වෙනුවෙන් ලියුමි.... උඹ වෙනුවෙන් මං මොනාද නොකරන්නෙ කියපන්කො... එහෙව් මට උඹ අරහෙම කියද්දි හරියට හිත රිදෙනවා ලියුමි ...
උඹට ගහන්නැ ගහන්නැ කියලා මං මටම පොරොන්දු දීගෙන ඉද්දී මාව පව්කාරියක් කරන්ඩ එපා බන්... උඹ සමහරවිට මගෙ ආදරේ දැනෙන්නෙ නැතුව ඇති ....මං බනින ගහන නිසා...උඹෙ ඔය පුංචි හිතට මගෙ ආදරේ දැනෙන්නෙ නැතුව ඇති නෙද... උඹෙ වයස එවුන් හොයන්නෙ මොනවගෙ ආදරයක්ද කියන්න මන්දන්නැ එත් ලියුමි හොදට මතක තියාගන්න ඔය ඔලුවේ මනස්ගාත පුරොගෙන ඉද්දී හරි වැරද්ද පෙන්න තිබ්බත් උඹට ඒක පෙන්නැ...ආදරේ කරනවා කියලා හැමදාම හම්බවෙන එකවත් , මුලු දවසේම මැසේජ් කරන එකවත් රූම් ගානෙ ගිහින් බුදියන එකවත් නෙවෙ මැනික....දුරක හිටියත් වෙනසක් නැතුව ආදරේ දෙන්න පුලුවන් වෙන්නොනෙ... සති මාස ගනන් නොදැක හිටියත් ඒ ආදරේ වෙනුවෙන් බලන් ඉන්න පුලුවන් වෙන්නොනෙ...උඹට ඕන මෙ ආදරේ නිසා උඹේ අනාගතය ම නැතිකරගන්නද... මං නැතත් කවදාහරි උඹ මෙ පොළවේ පය ගහලා ජිවත් වෙනොනෙ මගෙ මැනික.... එහෙව්~~~~~~

YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...