Part 21

549 82 113
                                    

මෙ වෙනකල් කේනායා කෙන්තියෙන්  ගහන හැම පාරක්ම ලියුමි ඉවසුවා එත් අද ලියුමිටත් මේ හැමදේයකම අවසානයක් දකින්න ඕන උනා . නොදැනුවත්ව කේනායා සහ ප්‍රමෝදා නිසා ලියුමි ගෙ හිත සැහෙන්න  රිදුනා. සමහර දවස් වලට ලියුමි , කේනායා ගැන හිතලා හිතලාම හිත රිද්ද ගත්තා .  කේනායා දැනන් හිටියා ප්‍රමෝදා ගෙ වෙනස . ප්‍රමෝදා ගෙ හැසිරිමෙන් කේනායාට දැනුනා.  කේනායා නිශ්ශබ්ද ව හිටියේ හරි වෙලාව එනකල් ප්‍රමෝදාට තේරුම් කරවන්න .

" ආහ්... මට රිදෙනවා අක්කෙ.. ඔයා හැමතිස්සෙම මාව රිද්දනවා!!  ඇත්තටම දැන් මට ඇති වෙලා තියෙන්නේ . ඔයාට පුලුවන් ද මාව ආයෙ ගමට ගිහින් දාන්න!! "

ලියුමි අඩමින් කියන්න පටන් ගත්තා . ලියුමි අඩමින් ගමට ගිහින් දාන්න කියද්දී කේනායා ගෙ හිතට දුකට වඩා දැනුනෙ කෙන්තියක්.

" කොහෙදෝ ඉදන් මගෙ ජිවිතේට ඇවිල්ලා... ආයෙ මාව අතරමං කරලා යන්නද ඕනෙ උබට!! "

කේනායා කෙනෙක් කැගහද්දී ලියුමි අත් දෙකෙන්ම මුහුන වහාගෙන අඩන්න පටන් ගත්තා .

" මං උබ ගැන කොච්චර හිතනවද ... උබට ඒකවත් තේරෙන්නෙ නැද්ද!! "

" මෙච්චර උබව පරිස්සම් කරන්නෙ ඇයි කියලා හිතුනෙ නැද්ද!! "

කේනායා මුලදී කෙන්තියෙන් කැගැහුවාත් අවසාන ටික කියද්දී කේනායා , ලියුමි ගෙ ඔලුව අතගෑවා .

" ඇයි අක්කා මට ඔහොම කතා කරන්නෙ!! මම නෙවෙ අක්කා තමා මාව රිද්දාන්නෙ.. ප්‍රමෝදා එක්ක එකතුවෙලා මටත් හිතක්නෙ අක්කෙ තියෙන්නේ!!. මට සැහෙන්න රිදෙනවා. මං කැමති නැ ඔයාව කා එක්කවත් බෙදාගන්න මං ඔයාට ආදරේ නිසා!! "

ලියුමි තවමත් අත් දෙකෙන්ම මුහුන වහාගෙන කතා කරා . සැරෙන් සැරෙ ඉකි ගසද්දී කේනායාට , ලියුමි ගැන දුක හිතුනා .

" මමත් ආදරේයි නෙ චුටි මැනික ඒ නිසානෙ මෙ හැමදේම!! "

" මං අක්කට ආදරේ සහොදරයෙක් විදිහට නෙවෙ!! අනිත් විදිහට ...... මට තේරෙන්නැ කියන්න . මට තවත් හිතෙ තියාගෙන ඉන්නත් බැ . මට රෑට නිදහසෙ නින්ද යන්නෙත් නැ අක්කෙ... මං අක්කාට ගොඩක් ආදරේයි . සමහරවිට කවුරුත් මට මේ තරම් ලං වෙලා නැති නිසා මට එහෙම දැනුනාද කියලා තේරෙන්නැ . මං ඔයාට ගොඩක් ආදරේයි අක්කෙ.. ඔයා එක්ක මට හැමදා ඉන්න ඕන.. අනෙ අක්කෙ මාව දලා නන් යන්න එපා මට ඉන්නෙ ඔයා විතරයී!! "

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Место, где живут истории. Откройте их для себя