කේනායා ඇයගෙ රස්සාවත් එක්ක හැමතිස්සෙම වගෙ කෙන්ති ගන්නවා . සමහර වෙලාවට ඒ කෙන්තිය පිටකරන්නෙ එතැන ඉන්න මිනිස්සුන්ගෙන් . ඒක කේනායාට පුරුද්දට ගිහින් තිබුනෙ එත් ලියුමී කේනායාගෙ ජිවිතේට ආව දවසේ ඉදන් කේනායාටත් නොදැනිම ඇයගෙ සමහර ගතිගුණ වෙනස් වෙමින් තිබුනා .
මොනතරම් කෙන්ති ගියත් ඇය.. ඇස් පියාගෙන හොද හුස්මක් අරන් වතුර ටිකක් බොන්න පුරුදු උනා . සමහර වෙලාවට ගලක් කරන් තිබ්බ හිත දැන් අනුකම්පාවෙන් පිරිලා . ලියුමී ගෙදරදී වචනයක්වත් කතා කරන්නෙ නැ . කේනායා , ලියුමි ගෙන් වචනයක් කටින් ගන්නෙත් ටිකක් සැරෙන් වගෙ කතා කරලා . කේනායා කියොනවා ලියුමි අහන් ඉන්නවා සමහර තැන් වලදී ඔලුව වනවා එච්චරයි!! .
සමහරවිට ලියුමිගෙන් දැනෙන අමුතු හැගිම් නිසා කේනායාගෙ හිත වෙනස් වෙනවා ඇති .....
කේනායා පුලුවන් තරම් බලන්නෙ ඉක්මනට ගෙදර එන්න . ඇයට දැනුනෙ පොඩි ලමයෙක් බලාගන්න අම්මා කෙනෙක් වගෙ . සමහර අවස්තා වලදී ලියුමිව දරුවෙක් දැනුන තැන් තිබුනා . කේනායා , ලියුමිට නිතී වගයක් දලා තිබුනා . ඒ ලියුමිගෙ හොදට . කේනායා ඉස්සර වගෙ නෙවෙ වගකිම් තියෙනවා දැන් ඇයට . කේනායා පිටතින් නොපෙන්නුවාට ලියුමි ගැන හරියට වද වෙනවා .
***
" ඔයාට මං කිව්ව දේවල් මතකද ලියුමී "
කේනායා ඇහුවේ ෆිජ් එකෙ තිබ්බ කෑම ටික ලිපෙ තියෙන ගමන්.
" මොකද්ද අක්කෙ "
ලියුමි ඇහුවේ කෑම දිහා බලාගෙන .
" අර මං කරන්න එපා කිව්ව දේවල් "
කේනායා පිගන් දෙක හොදන්න හදලා ආයෙත් පිගාන මේස උඩින් තියලා ලියුමි දිහා බලන් ඇහුවා .
" ආ මතක නැනෙ "
ලියුමි බිම බලන් කිව්වෙ කේනායා බනි කියලා හිතලා . කේනායා බනින්න හදන්නෙ කියලා තේරෙනකොටම ලියුමි බිම බලාගන්නවා .
" හරි කමක් නැ මං ආයෙ මතක් කරන්නම්...
අහන්නකො ලියුමි ඔයා බය වෙන්න එපා මට . ඕන දෙයක් කියන්න මා එක්ක යාලුවේක් වගෙ ඉන්න . ඕන දෙයකට මං ඉන්නවානෙ , අඩන්න ඕන නම් අඩන්න. කේනායා අක්කා ඔයා එක්ක ඉන්නවා හොදද "
![](https://img.wattpad.com/cover/337043895-288-k394675.jpg)
YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...