Part 8

429 72 62
                                    

ලියුමිව පංතියට ඇරලවලා කේනායා පොලිසියට ගියා ..... කේනායා යනකොට ලියුමිට හරි අමුතු තනිකමක් දැනුනා .. පංතියේ ටිච එයාව ලමයිට හන්දුවලා දුන්නෙ english වලින්...

" දෙයියනේ ... මොනාද මෙ කියොන ඉංගිරිසි... මට තේරෙන්නෙත් නැ වතුර වගෙ කියොනවානෙ ටිච "

එහෙම හිතපු ලියුමි ඇස් වටේට යවමින් ඉදගන්න තැනක් හෙව්වා..

" ලියුමි ඔයා ගිහින් අතනින් ඉදගන්න "

ලියුමි ඉන්ටවල් එක ලැබෙනකල් උගන්නපු දේවල් කටුවට ලියාගත්තා .. ලියුමි හිතුවේ පංතියට ගියාම යාලුවෝ ඇවිත් කතා කරාවි කියලා ..... ගමේ ඉස්කොලේට අලුතින් ලමයෙක් අවොත් ඒ ලමයාගෙ මුලු ජාතකේම දැනගන්නවා ඒ ලමයාගෙන් අහලා .
මේ පංතියේ ලමයි හරි ආඩම්බරයි හිනා උනත් අහක බලාගන්නවා.. සමහර පිරිමි ලමයි බල හිටියා ලියුමි දිහා ඉස්සරහම හිටිය අය ලියුමිගෙ මුහුනවත් බැලුවේ නැ .

ලියුමිට ඉස්සරහ පුටුවෙ හිටිය කෙල්ලො දෙන්නා කියෙව්වෙ ඉංගිරිසියෙන් නිසා ලියුමි ඔවුන් දිලා බලාගෙන හිටියා ..



" ඔයාට බඩගිනි නැද්ද "

ලියුමි ලග හිටිය අනිත් ගැහැනු ලමයා ඇහුවා .

" බඩගිනි නන් තමා ....  මගෙ කෑම එක කමුද? "

ලියුමි හිනාවෙලා ඇහුවාම ...

" මෙහෙ කැන්ටිමක් තියෙනවා එකෙන් කෑම ගන්න පුලු~~~~~~~ .. "

" ඒයි බතලී කෝ උබ අර නොට් ටික ලියලා දුන්නෙ නැනෙ "

කොල්ලෙක් එහෙම කියාගෙන් ඔවුන් ලගට ආවත් කොල්ලාගෙ ඇස් තිබ්බෙ ලියුමි ලග .

" ම. මං කාලා ලියන්නම් "

ඇය හිමිය මුමුනුවා ....

ටික වෙලාවක් තිස්සෙ ඒ ගැහැනු ලමයාට විහිලූ කරපු ඒ කොල්ලා එතැනින් ගියත් ඒ ගැහැනු ලමයාගෙ මුහුන දුකින් පිරිලා තිබුනා .

" එයා කිව්ව දෙ ගනන් ගන්න එපා හලො... මොන කරන්නත් කාලා ඉන්න එපැයි යමුකො කන්න ... එක නෙවෙ ඔයාගෙ නම මොක්ද්ද ?"

" කසුනි "

කසුනි තරමක් මහත පෙනුමක් තියෙන ගැහැනු ලමයෙක්... අනිත් ගැහැනු ලමයි තරම් සම පාටින් සුදු නොවුනත් ඇයට තිබ්බෙ කාටවත් නැති තලෙලු පාටක්... ඇයගෙ කොන්ඩය උරහිස ලගට වවලා තිබුනා .

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Where stories live. Discover now