Part 38

350 58 51
                                    

කේනායා , ලියුමිවත් එක්කගෙන හොස්ටල් එකට එද්දී තුනත් පහුවෙලා තිබ්බ...

" චුටි මැනික... "

" හ්ම්ම් "

ලග නැතත් කේනායා ගෙදර පරිස්සමෙන් ඉන්නවා කියලා ලියුමි දන්න හින්දා හිතෙ බයක් ඇති උනෙ නැ එත් දැන් කේනායා කුරුණෑගල යනවා කියද්දී ලියුමි ට දැනුනෙ කේනායා තවත් ඈතට යනවා කියලා . ' අනෙ සුදු  අක්කෙ යන්නෙපා ' කියලා අතෙ එල්ලෙන්න ඕන උනත් ලියුමි හැම පැත්තෙන්ම ඉවසුවා . කේනායා ට ඕන උනෙ ලියුමි එක්සෑම් ලියලා හොද ප්‍රතිඵලයක් ගන්නවා දකින්න... ඒ නිසා ලියුමි හදිස්සි නොවි බලන් හිටියා වෙන දෙයක් වෙයිනෙ කියලා .

" මං ගිහින් එන්නම් මැනික පරිස්සමෙන් ඉන්න... පාඩම් කරන්නොනෙ තේරුණානෙ නෙද... අර කෙල්ලො ටික අස්සෙ රිංගලා නන් අහුවෙන්නෙපා ලියුමි එච්චරයි!! ලග ඉන්නෙ කවුද  නැත්තෙ කවුද කියලා බලන්නැ ගහනවා කන පැලෙන්න... "

' ඈ.. යකො දැන් නිදහස දුන්නා කිව්වානෙ... යසයි යසයි අක්කාගෙත් ඉතින් දිව දෙකෙ කතානෙ අප්පා තියෙන්නේ ... කමක් නැ එයා දැන් යනවනෙ... එහෙ ඉදන් එයාට මෙහෙ ඉන්න මාව බලන්න බැ නෙ ඒ නිසා නිදහසෙ උපරිම ප්‍රයෝජන ගන්නොනෙ '

ඔලුව ත් පහත් කරගෙන ඉන්න ලියුමි එහෙම හිතුවා .

" හා ඉතින් ...."

" හා ඉතින් තමා හා ඉතින් .... ලියුමි !! අර කොල්ලො එක්ක එහෙම වැඩිය කතාවට යන්නෙපා.. අනවශ්‍ය කතා ඕනෙම නැනෙ මැනික...ම්ම්ම් කෙල්ලො එක්කත් ඕනි නැ "

" හරි හරි අනෙ " ...

" හ්ම්ම්ම් .. මං යන්නම් මැනික "

ලොකු හුස්ම ගත්ත කේනායා එහෙම කිව්වෙ ලියුමි ගෙ ඔලුව අතගාලා එහෙම්ම යන්න හැරෙනකොට ලියුමි කදුලූ පිරුනු ඇස් වලින් කේනායා දිහා බැලුවා ..

.
" අනෙ......යන්නම් කියන්නෙ එපා ගිහින් එ...න්න... ම් කි...කි...යන්න සුදු අ...ක්කෙ "

අඩ අඩම එහෙම කිව්ව ලියුමි දණගහලා කේනායා ගෙ කකුල් අල්ලලා වැදලා ඒ කකුල් උඩින් නළලා තියාගෙන ඇඩුවා .

" මං ඔයාට කොච්චර වැන්දාත් මදී මගෙ අක්කෙ... මං වෙනුවෙන් මෙච්චර දෙවල් කරද්දී... මං වෙනුවෙන් මෙච්චර දුක් විදිනකොට...මට දුකයි අක්කෙ... මට සැහෙන්න දුකයි...මට හරි බයයි සුදු අක්කෙ ඔයාව නැතිවෙයි කියලා ... අක්කා තරම් මට කවුරුත් ආදරේ නැ අක්කා වගෙ කෙනෙක් මගෙ ජිවිතේ ට ආයෙ හම්බෙන්නෙත් නැ මට මැරෙන මොහෙතෙ වෙනකල් ම ඔයා එක්ක ඉන්නොනෙ.... මං නොදන්නවා නෙවෙ අක්කෙ මන් වත් නොහිතපු අනාගතයක් අක්කා මං වෙනුවෙන්  මවද්දී මට හරි දුකයිනෙ අක්කෙ...සිංදු කියන්න පුලුවන් කියලා දැනගත්තා විතරයී private ක්ලාස් එහෙක්ට දාන්නම් කියනවා...මාව මෙහෙම බලාගන්න ඔයාට පිං අක්කෙ"

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Where stories live. Discover now