Part 4

534 96 47
                                    

කේනායාගෙ හිත හරිම කලබලයි . කේනායට හිත දෙන්නෙම නැහැ ලියුමිව දලා එන්න  . ඒ නිසා ලියුමිව අරගෙන යන්න ඕන උනා . එත් කොහොමද ලියුමිව අරගෙන යන්නෙ .... ලියුමිට තාම අවුරුදු 18 ක් ලබලා නැ අනිවරෙන් ලියුමිගෙ බාරකරු වෙන්න ඕන කේනායා . කේනායා ඉස්සරහට මොනාවගෙ දේවල් වලට මුහුන දෙන්න වෙයිද කියලා නොහිතා ලියුමිගෙ බාරකාරත්වය ගත්තා .

කේනායා කොහොමද ලියුමිව බලාගන්නෙ , ලියුමිගෙ වියදම් , පාසල් ගාස්තු , ඇත්තටම කේනායාට පුලුවන් වෙයිද මේ සේරම කරගන්න කේනායාගෙ රස්සාවත් එක්ක . අනිවරෙන් මේ දේත් දැනගත්තොත් කේනායාගෙ දෙමාපියන් මොනවගෙ ප්‍රතිචාරයක් දක්වයිද කියලාවත් නොදැන ලියුමිව බාරගත්තා .

කේනායාට දැන් මේ ප්‍රශ්න ලොකු හිසරදයක් ... නැවතත් ගමේන් නගරෙට යන ගමන් ඉන්න අතරේම කල්පනා කරේ ඒ ප්‍රශ්න වලට විසදුම්..

" හරි කොහොමත් අම්මිලා ඉන්නෙ රටනෙ එයලා දැන්ම කොහොමත් එන්නෙ නැ . ලියුමිගෙ වැඩ ටික දවසකින් බලනවා ....මුලින්ම ඉස්කොලයක් බලනවා "

" ඇත්තටම මට පිස්සුද ... කොහෙවත් ඉන්න එකීයක්ට මෙහෙම සකලන්න. "

" මටත් නංගී කෙනෙක් නැනෙ... අනික මම ගෙදර තනියමනෙ මගෙ සහොදරිය වගෙ ඉදිවි "

කේනායා සැරෙන් සැරෙට හිතත් එක්ක වාද කරා . කේනායා එක්ක හිටිය අනිත් නිලධාරීන්ට හරිම පුදුමයි හරියට දන්නෙවත් නැති කෙනෙක් වෙනුවෙන් මෙහෙම කරන එක.

" මැඩම් ... ඇයි ඔයා මේ කෙල්ලගෙ බාරකරු උනේ ? ... මේකී ගණිකාවක් !! නෙ "

එක් නිලධාරීනියක් එහෙම කියද්දී හිත ඇතුලේ ඇති උනෙ අමුතු කෙන්තියක් ... හරියට මගෙම කෙනෙක්ට බැන්නොත් , ගැහුවොත් හරි දැනෙන දුකක් මිශ්‍ර කෙන්තියක් කේනායාට ඇති උනා .

කේනායා ගොඩක් හොදට ඉගෙන ගත්ත ගැහැනු ලමයෙක් වගෙම පොලිස් නිලධාරීනියක්. ඇයට හැමදේම හොදින් තේරුම් ගන්න පුලුවන් ....

" මට මේකී ගැන දුක හිතුනා ... අම්මලාත් නැනෙ... අනික මං ඉන්නෙත් තනියම අපෙ අම්මිලාත් නැ ලංකාවේ "

" මේකි පව් නිසායි මං මෙහෙම කරේ "

කේනායා , ලියුමි දිහා නොබලා කිව්වා . ඒ වචන වලට ලියුමිගෙ හිත රිදෙනවා කියලා කේනායා දන්නවා . කේනායා එගොඩ කියද්දී ලියුමිට ලැජ්ජ හිතුනා වගෙම දුකක් දැනුනා
' අම්මාලත් නැනෙ ' කියද්දී .

  𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄  ☑️  Where stories live. Discover now