විශේෂ පුවතක්!!
ආයුබෝවන් ... ගැහැණු දරුවන් දොළොස්දෙනකු සහ ගුරුවරියන් තිදෙක් අමානුෂික ලෙස දූෂණය කර මරා දමා තිබු ලංකාවාසී සියලු දෙනාගෙ හදවත් කම්පා කෙරු පුවතට සැකපිට සිරගත කෙරු සුනිල් රත්නායක මන්ත්රී තුමාන්ගෙ එකම පුත් ශනුක රත්නායක සාක්ෂි නොමදී කම හේතුවෙන් ඇපමත අද දහවලේ නිදහස් කර ඇත!!
සතියක් කිහිපයක් ගෙවිලා ගියෙ පුදුමාකාර වේගයෙන් ... කේනායා කොච්චර මහාන්සි උනත් සාක්ෂි තිබිලත් ශනුක රත්නායක සිරබාරයට ගන්න බැරි උනා... දේශපාලන බලය නිසා තිබ්බ හැම සාක්ෂියක්ම නැති කරලා තිබුනා .
කේනායා උදේන්ම නැගිටලා ලැස්ති උනෙ ලියුමිව බලන්න යන්න... රෝසි අම්මට කියලා බත් දෙකකුත් ඔතාගෙන ලියුමි කන්න ආස තව රයිස් පාර්සල් එකක් ගත්තා හොස්ටල් එකට යනින්ගමන්.
....
" ලියුමි!! ලියුමි අන්න ඔයාගෙ අක්කා ඇවිල්ලනෙ.... ලියුමියෝ "
" නංගී ලියුමි කොහෙ හරි ගිහින් ද "
කේනායා , ලියුමි ව බලන්න හොස්ටල් කාමරෙට ආවත් ලියුමි හිටියේ නැහැ කාමරෙ . කේනායා ආවෙ ලියුමි ට විශේෂ දෙයක් කියන්න . හොස්ටල් භාර මිස් එක්කත් කතා කරලා ලියුමි ගෙ හොස්ටල් කාමරෙ ඉන්න තවත් ගැහැනු ලමයෙක් එක්ක කතා කර කරම කේනායා හොස්ටල් කාමරෙට අවා .
" ආ හරි හරි අක්කෙ.. ලියුමි ඉන්නවා ඇත්තෙ එහා හොස්ටල් එකෙ වෙන්නොනෙ... කසුනි ත් එක්ක ඉන්නවා ඇත්තෙ "
" එහා හොස්ටල් එකෙ ඉන්නෙ උසස්පෙල ලමයි නෙද නංගී .. ලියුමි මොනාද එහෙ කරන්නෙ "
" ආ ඔව්නෙ අක්කෙ... ලියුමි ගොඩක් වෙලාවට එහෙනෙ ..."
කේනායා ඒ ගැහැනු ලමයාට තමන් ගෙනාව කෑම පාර්සල් එකක් දිලා හොස්ටල් එකෙ ලියුමි මොනාද කරන්න සේරම විස්තර දැනගත්තා...
" ආඅ එහෙමද !! තැන්කිව් නංගී .... මාව ඒ හොස්ටල් එකට එක්කගෙන යන්න පුලුවන් ද "
කේනායා තරමක් අහිංසක විදිහට කතා කරද්දී ඒ ගැහැනු ලමයා දෙපාරක් නොහිතාම කේනායා ගෙ අතින් අල්ලගෙන කේනායා ව එක්කගෙන ගියා .

أنت تقرأ
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
القصة القصيرة𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...