"oh really mani? මේ හොරා අපිට මුකූත් කිව්වේ නෑ මල්ලි! අපිට කිව්වේ කොහොමද එයාට යාලුවෝ ඕනේ නෑ කියලා"
"එහෙමත් එකක් කිව්වද"
අයියාගේ කතාවට මනරු ප්‍රශ්නයක් දැම්මේ කට කොනින් හිනා වෙන ගමන්.. ඇස් උඩින් බලාගත්ත බැල්ම මනරු සම්පුර්ණයෙන්ම එයාව ස්කෑන් කරා.. ඒ විනිවිද යන බැල්මට නිකන් හරි මාණික්‍ය කොටු වුනොත් විශ්වාසයි අර ඔරලෝසුවේ කෑලි හොයා ගන්න බැරි වෙනවා.. ඒ කොහොම වුනත් දැන් මාණික්‍ය ට මේ දෙන්නා එක්කම තරහයි.
"අයියා මං නම දුන්නේ නෑ කියන්නේ මට යන්න වෙන්නේ නෑ කියලා"
"ඔයාට ඒක නම් ප්‍රශ්නේ ඒවට ලේසි විසදුම් තියෙනවා"
මොන.. මාණික්‍ය කොහොම කරලා ට්‍රිප් එකෙන් පැනගන්න හැදුවත් මනරු ගෙන් පැන ගන්න බෑ.. එයා දැල් එලන්නේ පොඩි මාලු අල්ලනවට වඩා ලොකු මෝරු අල්ලන්න වගේ..
"ඒකනේ මාණි! ඔයා දැන් practice කරන කෙනෙකුත් නෙමෙයිනේ ඒක නිසා ඔයා කොහොමත් weekends free! සුවහස් මල්ල මෙයා ඔය ට්‍රිප් එක යන්න එනවා හරිද"
වචනෙන් බනින්න බෑ මොකද මෙතන මනරුත් ඉන්නවා. ඒ නිසා නිර්මල ලගට මාණික්‍යගේ රැවටිල්ල ගහන් ගියේ ඒ කියලා හැරෙන පරක්කුවට. හැබෙයි ඒ කරේ මොඩ වැඩක්,
"මාණි.. just stop this.. වෙච්ච දේවල් වෙලා ඉවරයි ඔයා ඔයාව suffer කර ගන්න එක නවත්තන්න.. Please? Just go and have fun ඔයාගේ therapist කිව්වෙත් ඒක"
අත් වලින් පෑන්ට්‍රි එකට වාරු වෙලා මාණික්‍ය කරේ මනරු ඉස්සරහම ඒ කතාව කිව්ව එකට අපහසුතාවෙන් බිම බලාගත්ත එක.. ඒක අයියා ඕන කමින්ම කරාද කියලා හිතා ගන්න බෑ දැන් එයාට මනරුට මූන දෙන්නත් මොකක්ද වගේ.. මොකද තමන් එච්චරටම වැටිලා ඉන්නවා වෙන අයට පෙන්නන එක තරම් පෙන්නන්න බැරි දෙයක් එයාට තව නැතුව ඇති.. ඇයි කිව්වොත් මාණික්‍ය ඉස්සර හිටියේ එහෙම නෙවෙයි..
ඉතින් මනරු සද්ද නෑ.. එයා සද්ද නෑ කියන්නේ එයාගේ විඤ්ඤාණය හොඳට වැඩ කියන එක.
"ම්.."
එයාට තවත් අයියගේ වචන නාස්ති කරන්න ඕනේ නෑ.. ඊටත් තව දේවල් මෙතන එලි වෙන්න කලින් එයාට ඉස්සරහට යන්න ඕනේ.
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.