"ඒකම තමයි තියෙන බය"
පබසර හුදෙක්ම කරේ විහිලුවක්.. ඊට ඔබ්බෙන් ඈතින් අත වනන මොකක්දෝ මන්දා බඩ සීතල කරන දෙයක් එයාටත් තේරූනේ නැතුවම නෙවෙයි.. ඒත්,
"අංකල් මොනාද හරියටම කිව්වේ කියපං"
මාණික්ය පිත්ත පැත්තෙන් තියලා හෙල්මට් එකේන් ඔලුව නිදහස් කර ගත්තම තමයි මිතුරු පාර්ශ්වයත් ඒ මූනේ තිබ්බ අවුල හරියට දැක්කේ..
"එයාට ලොකු ප්රශ්නයක් ඒක.. මනරු යන්න අදිමදි කරන එක"
"ඇත්ත ඇත්ත.. මාත් දන්නවා බං ඒක.. ඌත් හේතුවක් කීයන්නේ නැතුව එක පාරටම ඕක පස්ස ගහද්දි අංකල් විතරක් නෙවෙයි මුලූ පවුලටම ප්රශ්නයක් වෙන්න ඇති.."
"ඒකත් මං නීසා.."
ඒ කටහඩ තිබ්බේ සතුටක්ද දුකක්ද වේදනාවක් විශ්මයක්ද කියන්න තේරෙන්නේ නෑ.. හැම දේම කලවමේද.. මන්දා ඉතින් පබරසත් දැල ඇතුලට ඇවිත් මාණික්යට එකතු වුනා. හේත්තු වෙන්න තැනක් නැතත් දෙන්නම දැලෙන් වට වෙලා තියෙන කනුවට හේත්තුවක් දාගෙන දෙන්නම තම තමන්ට පේන මානයක් දිහා බලන් කල්පනාවට වැටුනා.
"අවුරුදු තුනක්නේ ඉතින්.. ඒ වුනාට බං ඉතුරු කාලයම ඉතුරුයිනේ.."
සැලකිය යුතු විරාමයකට පස්සේ මුලින්ම හඩ නැගුවේ පබසර.
"ම්.. කිව්වේ නැති වුනාට මට ඒ කාලේ හරියට කල්ප තුනක් වගේ වෙයි"
"දැන් අරූ මොකක්ද ඒකට විකල්ප විදිහට කරන් ඉන්නේ? ගෙදර මිනිස්සුන්ට ඌ මොකක්ද කියන්න ඉන්නේ?"
"දන්නේ නෑ.. එයා කියන්නේ එයා මෙහෙ university ආවොත් යනවා කියලා.."
"ඌට ඒක නම් එන්නේ නැතුව තියෙන්නේ නෑ.. ඒ වුනාට බං මේක ගෙදර අයට හෙන ප්රශ්නයක් වෙයි"
හැබෙයි මාණික්ය බර හුස්මක් පහලට දැම්මේ ඊට වඩා වද දෙන ප්රශ්නයක් හිතේ පුරවන්.
"ඊට වඩා ප්රශ්නයක් වෙන දෙයක් මෙතන තියෙනවා බං.."
"මොකක්ද?? "
"අපි දෙන්නා.. මනරු.. මම.. අපේ affair එක.."
ඒ ප්රශ්නය හිතට බරක්.. මානසිකව මහ පර්වතයක් කර උඩ තියන් ඉන්න තරම් බර ප්රශ්නයක්.. ඉතින් පබසර මුකුත්ම කිව්වේ නෑ.. මොකද ඒකට දෙන්න විසදුමක් නෑ.. උත්තරයක් නෑ විකල්පයක් නෑ.. ඒ වෙනුවට එයා පෙනහලු පුරවලා ගත්තු ලොකු හුස්මක් අරන් එලියට දාලා මාණික්යගේ අත අල්ල ගත්තා.. මොකද වචනයෙන් නොකරන ලොකු දෙයක් ඒ ස්පර්ශයෙන් කරන නිසා.
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.