14 වන පරිච්ඡේදය

158K 6K 1.7K
                                    




ඇහුවට, රෑ පුරාම කල්පනා කරත් මනරුගේ තොල් හෙලවුන විදිහ මිසක් කිව්වේ මොනාද කියලා මාණික්‍යට ගලප ගන්න බැරි වුනා.. දෑන ගන්න ඕන කම තිබ්බත් පාන්දර වැඩි වෙන සීතලත් එක්ක මනරු එයාගේ අස්සටම ඇවිත් ගුලි වෙන විදිහට මාණික්‍යට නින්දක් නෑ.. ඇග පුරාම යන අමුතූ හිරියට එයාට නින්දක් තියා හිතට නිවනකුත් නෑ.

ඉතින් වටෙන් පිටෙන් ලාවට කුරුල්ලෝ කෑගහන සද්දේ ඇහෙද්දි වගේ වෙලාවක එයාගේ ඇස් පිය වුනා නිකන් නෙවෙයි දැනෙන සීතලට දෙන්නටම බ්ලැන්කට් එකකුත් පොරවගෙන..

ඉතින් නිදාගන්න ලොකු වෙලාවක් හම්බුනා කියලා කියන්නත් අමාරුයි. ඊටත් මාණික්‍යට ගෙදරින් පිට තැන් වල නින්ද යන්නේ නැති ලෙඩකුත් තිබ්බා. ඒ ඔක්කොම එක්ක පැය දෙක තුනක් විතරක් ඇහැ පියා ගත්තට මූනට එලිය වැටෙනවා තේරෙනකොටම එයා නැගිට්ටා.

ඒ වෙලාවේ නම් කාමරේ අනිත් සාමාජිකයෝ දෙන්නා නැගිටලා කාමරයෙන් ගිහින් තිබ්බේ උදේ මූන හෝදන්න තිබ්බ washroom දෙකේ සති පොල තරම් සෙනග නිසා. ඒත් මාණික්‍ය ආයෙම ඇස් අරිද්දි දැක්කේ උදේට මූන හෝඳන්නත් අමතක වෙන දෙයක්.

"හ්.."

මාණික්‍යව නිකන්ම ගැස්සුනා මොකද තමන්ගේ කියලා ගැහෙන පපුව ඇරුනම පිටින් ඒත් ලගින්ම ඇහෙන හදවතක රිද්මයක් නිසා. ඉතින් මාණික්‍ය හිටියේ මනරුගේ පපුවට මූන ගහන්.. කීයට කොයි වෙලාවේ එහෙම උනාද කියන්න දන්නේ නෑ මනරු එයාව අත් දෙකෙන්ම බදාගෙන තුරුල් කරන් සුව නින්දේ.

ඉතින් ආපු ගැස්මටද මන්දා මාණික්‍ය කරන්ට් වැදුනා වගේ මනරුගෙන් ඈත් වුනා විතරක් නෙවෙයි ඒකෙන් මනරුත් ගැස්හිලා ඇහැරුනා.

"ම්හ්. මොකක්ද.."

"මට අත තියන්න එපා!"

එක පාරට කරකෝලා අත ඇරියා වගේ නින්දෙන් නැගිට්ට මනරුට තමයි මේ මාණික්‍ය කෑගහන්නේ. නිකන් නෙවෙයි අත් දෙත් ඇගට තියන් හරි නාඩගමක් විදිහට.. ඉතින් තාම නිදිමතේ ඉන්න මනරු අත තියන්න තියා තාම ඇස් දෙකවත් හරියට ඇරලා තිබ්බේ නෑ.

"මොනාද කියවන්නේ මාණික්‍ය දැන් වෙලාව කියද? "

මනරු අත පත ගගා හෙව්වේ එයාගේ ෆෝන් එක හැබෙයි එක්කෙනෙක් ඒකටත් බය වෙලා වගේ මනරුව තල්ලු කරන්න හැදුවා විතරක් නෙමෙයි කට්ටියක් එකතු වෙලා එයාව සමූහ දූෂනය කරන්න හදනවා වගේ කෑගහන්නත් ගත්තා.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now