"ම්හ්ම්..?"
"අපි ආවා"
දෙවෙනි පාරටත් කිව්වට පස්සේ තමයි මාණික්ය එයා හිටපු සුව නින්දෙන් ඇහැරුනේ. නිදා ගන්න අන්තිම තත්පරගානත් පුදුම සනීපයක් කියනවලුනේ.. ඉතින් ඇග මැලි කඩලා වට පිට බලනකොට බාගෙට එලිය වෙලා සමහර ළමයි එකා දෙන්නා කලබලයක් නැති පාරේ ඉස්කෝලෙට ඇදෙනවා..
"හරි.. මං හෙට එද්දි Call එකක් දෙන්නම් අංකල්"
පස්සේ බෑග් එකත් තනි අතේ එල්ලගෙන මාණික්ය වාහනයෙන් බැහැලා ගේට්ටුව පැත්තට ගියේ එලියේ එයාලගේ පන්ති වල කවුරුත් පේන්න නොහිටපු නිසා. හැබෙයි ඇතුලට හැරෙනවත් එක්කම නුග ගහ යට බුදු මැදුර ලග 13 කළා පන්ති දෙකේම සෙනග හිටන් ඉන්නවා දකිද්දි මාණික්යගේ සැකේ දුවලා ගියා.
කොහොම හරි ඒ හැමෝම ඇදන් හිටියේ තද නිල් පාට school t shirt එක. මාණික්යට නම් එහෙම එකක් නැති නිසා එයා ඇදන් හිටියේ තද නිල් පාට ඒ ලගින්ම යන polo t shirt එකක්.
"මාණික්ය වරෙන් මෙහෙට!"
කොල්ලා ආපු වෙලේම හෙව්වේ වෙන රූපයක් හැබෙයි පස්සේ ඇයි එහෙම හොයන්නේ කියලා හිතෙනකොටම පබසර කොල්ලෝ දහ පහලොවක් විතර ඉන්න තැනක ඉඳන් එයාට කෑගැහුවා.
ඉතින් දන්න කියන කෙනෙක් පෙනුන සැනසීමෙන් එයා එතනට යද්දි ලා කලුවරට නොපෙනුන ගොඩක් මුණු දෑන් දැන් පෙනුනා. දන්න කියන හැමෝම ඉන්නවා හැබෙයි කෙනෙක් ඇර.
"good morning"
"good morning good morning! ආවා නේ! මේ අද නම් පැත්තකට වෙලා ඉඳන් ඉන්න බෑ පුතේ සිංදුවක් වත් කියන්න වරෙන් හරිද!"
"ම්.. මට නිදිමතයි"
"ආහ් ඒවා ගානට ඇරලා ගන්නම්"
ඒ සද්දෙ නම් ආවේ මෙතන කට්ටියගෙන් නෙවෙයි නිසා මාණික්ය පට ගාලා හැරිලා බැලුවා.
"good morning"
පිටි පස්සේ හිටන් ඉන්න කෙනා දැක්ක ගමන් මාණික්යගේ හිතේ තිබ්බ නොදන්න හිස් ගතිය උඩු හුලගට ගහන් ගියා කියලා තේරුනා තමයි ඒත් දැන් හරි ප්රශ්නේ.. මොකද දැන් එයාට එහෙම හිතෙන්නේ? එහෙම හිතෙන්න ඕනේ නෑනේ! ඒ මේ ට්රිප් එකට එන්න බලන්නම් කියලා නෙවෙයි එනවා කියලා තැනට වැඩ වෙනස් කරපු මනුස්සයා නිසා වෙන්න ඕනේ කියලා එයාගේ හිත ලොකු සංවාදෙක. ඒත් ඉස්සරහට පැන්න ලොකු කමට මාණික්ය කරේම ගල් මූනකින් එයා දිහා බලන් හිටපු එක.