23 වන පරිච්ඡේදය

148K 6K 2K
                                    




මාණික්‍යගේ වචන වලින් පස්සේ රේස් කෝස් එකෙ ලගින් හරවපු වාහනේ කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය කියලා ගහපු පුවරුව පහුවෙනකනුත් නිශ්ශබ්දයි.. එයාගේ ඇස් තිබ්බෙම පාර දෙපැත්තෙන් උඩට විහිදිලා අහස වහගත්ත මාර ගස් වලට.. එන ප්‍රතිචාරය මොනවා වුනත් මෙච්චර කාලයක් හිතෙන් උස්සන් හිටපු ලොකු පර්වතයක් එක පාරටම අත ඇරියා වගේ එයා නිදහස්..

"since when?"

මගක් යනකල්ම රක්ෂිත කිසිම සද්දයක් කරේ නෑ.. ඒත් තොල් එකට එක හපාගෙන සිහිය තියාගෙන හිටපු කල්පනාවෙන් මිදිලා එයා හරිම සාමාන්‍ය විදිහට ඇහුවා.

"දන්න කාලෙක ඉඳන්"

මෙච්චර කාලෙකට ආපු ගැහැණූ ළමයින්ගේ ආදර ඇරයුම්, උනන්දුව දක්වපු හැඩ රුව තියෙන කොහෙත්ම අඩුපාඩුවක් නැති හැම යෝජනාවක් දිහාම දැක්කේ නැති ඇහුනේ නැති ගානට හිටපු ඒ හැම වෙලාවකටම වගකියන්න ඕන හේතුව.. විරුද්ධ ලිංගිකයන් ගැන මාණික්‍යගේ හිතේ නැති ඉඩ..

"ම්.. Why gay?"

කිසිම හදිසියක් නැති කටහඩකින් රක්ෂිත ඒ ඇහුවේ.. එතන කුතුහලයකුත් නෑ පුදුමයකුත් නෑ.. ඉතින් මාණික්‍යට ඒක නොතේරුනා නෙවෙයි..

"fireworks.."

"fireworks?"

ඔලුව ගහන් හිටපු විදිහටම මාණික්‍ය හුමිටි තිබ්බා.. තාම ඇස් තිබ්බේ දවල් ඉර දිලිසෙන අහසේ..

"ම්.. මං ආස දවල්ට අහස්කූරු පත්තු කරන්න.. ඒවා කාටවත් පේන්නෙත් නෑ කාටවත් ඇහෙන්නෙත් නෑ.. ඊට වඩා ඒවා වල ලස්සන පේන්නෙත් නෑ.. ඒත් මට පේනවා.. මං විඳිනවා"

ඇස් පිල්ලමක්වත් නොගහපු මාණික්‍ය ගේ ඇස් තාමත් අහස දිහා බලන් ඉන්නවා.. එවා හැගීම් අස්සේ ජිවත් වෙනවා.. දැනෙන ඇත්තම හැගීම් එලියට දාපු සතුටට දිලිසෙනවා..

"රුෂිර මාණික්‍ය දේවප්‍රිය!!"

මාණික්‍ය ගැස්සුනා. රක්ෂිත කෑගහපු විදිහට, එයාගේ මුලු නමම එක සැරේ කියලා කෑගහපු විදිහට මාණික්‍ය ඇත්තටම ගැස්සුනා.. ඒ විතරක් නෙවෙයි වාහනේ ගෙදර ඉස්සරහා මහ හයියෙන් බ්‍රේක් ගැහිලා නතර කරා.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now