ඉතින් කොච්චරවත් කෑගහලා මේ මූසල නිශ්ශබ්දතාවය තමනගගෙන් එලවලා දාන්න මොනතරම් විලාපයක් දෙනවද කියන්න දන්නේ මාණික්ය විතරයි..
ඒත් කාටවත් ඇහෙනවද? කාටවත් ඒක තේරෙනවද? කාටවත් දැනෙනවාද?
නෑ.
මුලු ජීවිතේම කාලකන්නි කරන ඇරඹුමකට මොන හයියකින් එයා අඩිය තිබ්බද කියන්න එයා දන්නේ නෑ නෙවෙයි හොඳටම දන්නවා.. ඒත් කොහොමද කියන්නේ.. කවුද ඒ වෙනුවට දැන් තමන් ලග ඉන්නෙ..?
"මනරු"
පියවි සිහිය තමන්ගෙන් වෙන් වුනාට පස්සේ මාණික්ය ආයේ ඇස් ඇරියේ ඊට පහුවෙනිදා වුනත් සිහිය එද්දිම ඒ ඇහුනු ආර්ංචිය..
"නැගිටින්න එපා උබට පන නෑ!"
පනක් එන්න විදිහක් කොහෙත්ම නෑ මොකද හිස ඉද්දර මහ ගිනි ගොඩක් බුර බුරා නගින පටන් ගත්ත වෙලේ ඉඳන් ඇගට හයියක් ගේන්න කෑමක් තියා වතුර උගුරක් එයා තොල ගාලා නැතුව ඇති.. ඒත් කනට වැකූනු ඒ මහ පාලු මූසල ආරංචියත් එක්ක මාණික්ය තවත් එහෙම ඉන්නේ කොහොමද..
"එපා යකෝ!! ඔහොම හිටපං අංකල් දැනගත්තොත් විසුමක් වෙන්නේ නෑ!"
නෑ ඒත් පබසර කියන දේවල් අහුවේ මාණික්ය නෙවෙයි.. ඉතින් වැටිලා හිටපු තමන්ගේ ඇදෙන් නැගිටලා මාණික්ය බැරි බැරි ගාතෙම වුනත් එලියට යන්න හැදුවත්.. එයාව දැනටමත් මොකක් හරි දේකින් නවත්තගෙන.. වෙනසකට තිබ්බේ ඒ දේ භෞතික ශරීරයට හොඳට දැනෙන ඇදුනත් වගේ රිදුමක් දුන්නු දෙයක්.
"කියන දේ අහපං!"
"මාව airport ගෙනියපං!! ම්. මං වදින්නම් උබට.. මාව ගෙනියපං!! "
මුරණ්ඩුකම් පාන්න මාණික්ය උපන් හපනෙක්.. ඒත් මේක ඊටත් වඩා අයැදුමක්.. ඉතින් ඇදුනත් වගේ රිදුම් දුන්න අතේ ගහලා තිබුනු සේලයින් කට්ට තව දුරටත් තමන්ට හැගීම් දැනීම් නැති ගානට ගලවලා විසික් කරද්දි පබසර ඊට හරස් වෙලා මාණික්යගේ පාර අවහිර කරා තමයි.. ඒත්,
"මාණි???"
සද්දෙට දුවන් ආවේ නාථ..
"ම්. මනරු..!! මගේ මනරු යනවා!! මා. ව එක්කන් යන්න..,!!"