76 වන පරිච්ඡේදය

77.8K 4.4K 1K
                                    



මුලින්ම මනරු හිනා වුනා.. මේ වගේ වෙලාවකදී ඇහුනු හරි අපරූ විහිලු කතාවට මනරුට එක සැරේ හිනහා ගියා, ඒක සාධාරණයි..

"මාණික්‍ය.. ඔයා විහිලු කරනවද? ඔයාට මේක විහිලු කරන වෙලාවක් වගේද පේන්නේ?"

මාණික්‍ය තාමත් මනරුගේ අත් අල්ලන් බලාගත්ත ව්‍යාකූල ස්වරූපයෙන්ම බලන් හිටියා තමයි.. ඒත් මනරුගේ සිහි කැඳවීමටවත් ඒ බැල්මේ වෙනසක් වුනේ නෑ..

"මං කරේ විහිලුවක් නෙවෙයි"

ඒ වචන හතර කියද්දිවත් මාණික්‍ය හුස්ම ගන්නවා කියලා පෙනුනේ නෑ.. අවුරුද්දක් පුරාවට අරන් ආව දෙන්නගෙම මේ ආදර අන්දරයට මෙතනින් තිත තියමු කියලා කියපු තොල් ඉඩෝරයට වේලුනු විල් පතුලක වෙස් අරන් තෙපලද්දි ඒ මුලු පෙනුමම ආත්මයන් ගිලිහිලා වගේ සුදුමැලියි..

ඉතින් මෙච්චර වෙලා විහිලුවකටයි කියලා හිනාවුනු මනරුගේ මූන කලු වලාවක් ඇවිත් වහගත්තත් වගේ.. මාණික්‍ය අල්ලන් හිටපු අත් දෙක එහෙන්මම ගසලා තමන් ලගට අර ගත්තා..

"මොකක්..?"

සිහි තමන්ගෙන් සම්පූර්ණයෙන් වෙන් වෙන්න ලග ලගම කියාපාන ඉගියට මනරුගේ ඇස් ඇහුනු වචන වලට රතු වුනත්,

"අපි මේ affair එක නතර කරමු.."

ඒ දැක දැක මාණික්‍ය ආත්මයක් රහිත මල මිනියක් ගානට ඒ වචන කියලා දැම්මා..

"මට බෑ!!"

මනරු කෑගැහුවේ වියරුවෙන්. මුලු ඇගටම පන නෑ කියලා දැනෙද්දි පොලොවේ පය ගහලා කියලා තමන්ගේ සංවේදන වලටම නොතේරෙන ගිනි ගොඩක ගනින ගනිද්දි මනරු පුදුම වියරුවකින් කෑගැහුවා.. ඒත් මාණික්‍ය..

"ඔයාට බැරි වුනත් මම මේක නතර කරනවා"

"නෑ..!! නෑ ඔයාට මාව දාලා යන්න බෑ මාණික්‍ය ඔයාට බෑ!! මං පිස්සෙක් වෙයි!! මේ.. මේ පේනවද මාව ගැහෙනවා.. මාණික්‍ය සිහියට එනවා!! මං මැරෙයි!!! මගේ මාණික්‍ය මාව මැරෙයි!!"

"බොරුවට කෑගහන්න එපා මනරු"

"මොකක්??!"

ඉතින් වියරු වතින්ම මනරු මාණික්‍යගේ උරහිස් වලින් ඇදලා හොලවන්න ගත්තා.. ගත්තා හරියට මාණික්‍යව හරි සිහියට ගන්න වගේ.. ඒත් මාණික්‍ය තාමත් හුස්මක් නොවැටෙන සෘජු බැල්මෙන්ම කදුලු කඩන් හැලෙන ඒත් අඩන්නවත් සිහියක් නැති මනරුගේ මූන දිහා බලන් හිටියා කිව්වොත්..

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now