50 වන පරිච්ඡේදය

106K 4.8K 853
                                    






මාණික්‍යට මුකුත් කියන්න ලැබූනෙත් නෑ පබසරගේ නොමිලේ ලබාදෙන සේවාව කනට වැකුන ගමන් මනරු පට්ටියෙන් එලියට පැන්න වහු පැටියෙක් පස්සේ පන්නනවා වගේ අතකුත් උස්සන් ස්ටේෂන් ලේන් එක දිගට දුවද්දි මාණික්‍ය ඒ දෙන්නා පස්සේන් හිනා වෙවී ඇවිදන් ගියා.. හැබෙයි..

"මට ඒවා කර ගන්න මිනිහෙක් ඉන්නවා ඔටු ල*බෝ! උබේ ඇ* දෙක තලනවා දැනගනින්!!"

මනරු කටට එන හැම වචනයක්ම කිසිම සංස්කරනයක් නැතුව කට පුරා කියලා දෑම්මේ එයා හිටියේ පාසල් නිල ඇදුමෙන් නෙවෙයි නිසා.. ඒත් ඔය කියන ඒවා මොකා අහන් හිටියත් මාණික්‍යට අහන් ඉන්න දුශ්කර ක්‍රියාවක් තමයි.. හැබෙයි එතනින් ගිය වාහනේ.. මාණික්‍ය ඇවිදන් ගිය නිසා දෑක්කා ඒකේ හිටියේ ඉස්කෝලේ විනය භාර සර්.

කොලඹ හතේ ඉස්කෝලේ අභිමානවත් ප්‍රධාන ශිෂ්‍ය නායකයා, ඊටත් විදුහල්පතිතුමාගේ පුතා ඒ ඉස්කෝලෙම උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා පිටි පස්සේ ඉතාමත් සුමිහිරි වදන් ගලපමින් පසුපහ හබා යන විදිහ විනය භාර සර් දාගෙන හිටපු කන්නාඩිය පාත් කරගෙන බලන් යන්න ගිහින් වාහනේ ගහක ඇන ගන්න ලං වුනා.. ඒ අනිත් පැත්තට ඒ උකුසු ඇස් දෙක මාණික්‍යගේ පැත්ත එනවා කියලා දැක්ක ගමන් කොල්ලා අතෙන් මූන ආවරනය කරන් ගාටපු කන්ද පැයට කිලෝමීටර් ඔන්න ගානක වේගයෙන් දුවන් ගිහින් අන්තිමට අනිත් දෙන්නවත් ඇදගෙන මහගිරි දඹේ නැග්ගා.

"විනය භාර සර් උබලා දිහා බලන් ගියේ!"

ඒ කියද්දිත් මනරු හිටියේ පබසරගේ කරේ එල්ලිලා. මාණික්‍ය නම් ඔය වගේ සිද්දි වලට මුන දීපු කෙනෙක් නෙවෙයි නිසා කොල්ලා බය වෙලා හිටියේ.. හැබෙයි..

"ඉතින්? මිනිහා ලොකුයි ද?"

බලාපොරොත්තු නොවුන විදිහට ඒ වචන ටික ආවේ මනරුගෙන්. ඉතින් මාණික්‍යට පුදුමයි. ඉතින් මේ ඉස්කෝලේ නෙවෙයි.

"අනේ ඔය පයිසන් යන යන තැන ඉන්නවා ල*බ්බ! ඒ මිනිහා මගේ පිටේ invisible GPS එකක් හයිකරලද මන්දා එක සැරයක් මායි මූයි තව සෙට් එකක් එක්ක ගෙදරක පාර අයිනෙ තිබ්බ පේර ගහකින් ගෙඩි කඩන්න ගිය වෙලාවෙත් ගානට වෙලාවට එතනින් ගියා! ඒ වෙලාවේ මූ හිටියේ මගේ කරේ! පේරෙතයා වගේ හක්කෙත් ගෙඩියක් හිර කරන්! නොදකින් ඔය පයිසන් අපිව දැන් අත ඇරලා තියෙන්නේ! "

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now