පබසර කුස්සියට අඩිය තිබ්බා විතරයි තාමත් තෙල් නොගෑවුනු තෙල් හැන්දක් ඇවිත් තමන්ගේ මූන ඉස්සරහට දික්වුන පාර එයා ඒ දිහා බැලුවේ හදුනා නොගත් වස්තුවක් දිහා බලන ගානට.. මොකද,
"මම මචං ඇවිල්ලා නිකමට පපඩමක්වත් බැදපු මනුස්සයෙක් නෙවෙයි! හරිය.. උබ වුනත් එහෙමයි කියලා හිතනවා"
ඉතින් කිව්වේ ඇත්තක් කියන්න මනරු දැනටමත් ඇවිලෙන තෙල් තාච්චිය දිහා බලන් නහය පහුරු ගෑවා.
"කරන්න දෙයක් නෑ බං අක්කා ඇවිත් දීලා ගියේ මේ ටික බදින්න කීයලා..! එයා ගියා උපනිට කවන්න"
"ආ එහෙනම් හිටපං සගෝ මටත් ඉන්නවා දරුවෙක්! මං ගිහින් පුතාට කව-"
"ආ නෑ නෑ උබ කොහෙ යන්නද! ඒක අයියා බලා ගනි උබ වරෙන් මාත් එක්ක මේවා බදින්න!"
දැන් දෙන්නම තෙල් තාච්චිය ඉස්සරහා හැඳි දෙකකුත් තියන් හැදී වන්නමක.. හැබේයි,
"ආ..! පුලුවන් නම් දෙන්නා එක්කම තෙල් තාච්චිය ඈගේ පෙරලගනිල්ලාකෝ! එතකොට මං තෙල් හැන්දෙන්ම දෙන්නට ගහනවා! "
වැඩ බලන ප්රධාන නිලධාරීනිය සෝදිසි මෙහෙයුමට කුස්සියට එද්දිත් වැඩේ භාර දුන්න අය තාම හැදි උරුක් කරන් තම තමන්ගේ අත්දැකීම් ගැනයි දැන් වෙන්න යන විනාසය ගැනයි කියවනවා දැක්කත් වගේ වෑඩ බලන දේවතාවිය කෝප වුනා.
"මනරු දෙන්න මං ඕක කරන්නම්"
ඉතින් රමණිගේ සද්දේට එතනට මාණික්යත් කොහෙද ඉඳන් ඇදිලා ආවා කිව්වොත්, ඒ වෙලේම වගේ ඇහුනු රතිඤ්ඤා සද්දෙට උපනි බය වෙලා අඩන්න ගත්ත එකෙන් රමණි ඉක්මනට ඒ පැත්තට දුවන් ගියා.. ඒ නිසාම වැඩේ ගොඩ. හැබෙයි,
"නෑ නෑ බබා මං කරන්නම් අවුලක් නෑ! මට බැරි නම් කාටද පුලුවන්! "
මනරු ඒ කියපු දේ අහලා හරිම සාධාරණ විදිහට මාණික්යට හීන් දාඩියක් ඇල්ලුවා තමයි. ඊටත් සහයට හිටපු පබසර,
"හා එහෙනම් පටන් ගනින්කෝ බලන්න මුගේ බැදිල්ල බලන්න"
කියලා පිටි තවරපු මුං කැවුම් කපපු කෑලී තවරන්න තියෙන මිශ්රනයෙත් දාලා තෙල් තාච්චියට පබසර දැම්මා විතරයි.. අර එන සද්දෙත් එක්ක තෙල් විසික් වෙන පමාවට උජාරු කියවපු ඔක්කොගෙම ලොක්කා දැන් මෙතන තුන්මුලස් වැලක් පුපුරන්න යන්නේ වගේ වේගයෙන් හැන්දත් අතේ තියන්ම කුස්සියෙන් එලියට දුවලා ඉවරයි.
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.