"මොකක්? පිස්සුද මනුස්සයෙක් කසාද බඳින්නේ එක සැරයයි ලොකු අයියේ..! අනික ඔයා කවුරු කියලද හිතන් ඉන්නේ?"
"ඔව් නිර්මල.. අපේ field එකේ ඉන්න අය මේවා දිහා ඇස් කන් ඇරන් බලන් ඉන්නේ! දන්නවනේ ඔයා ඔයාගේ කම්පෙටිටර් කෙනෙක්ගේ ප්‍රොපෝසල් එකකටත් අකමැති වෙලා තමයි මේ කසාදේ කරගන්න යන්නේ.. "
නිර්මල කිව්ව දේත් එක්ක එතන මුලින්ම ඇවිස්සුනේ රක්ෂිතයි නාථයි.. එක අතකින් ඒ දෙන්නම එකතු වේලා කියපු දේ වැරැද්දක් නෑ. ඒත් නිර්මලට නම් ඒ කිසිම දෙයක් ඇහුනා කියලා නම් දීගෙන හිටපු බැල්මෙන් කියන්න බෑ.. ඒ කොහොම වුනත් ලොකු අයියා කියපු දේට පැත්තක හිටපු මාණික්‍යගේ කට කොනට ආවේ මහ සමච්චල් හිනාවක්..
"මාණික්‍ය"
ඒ හිනාව කවුරුත් දැක්කේ නෑ කියලා අනුමාන කරත් එයාට එහා පැත්තෙන් ඉන්න කෙනාට ඒ හිනාවේ සමීප දසුන දැක බලා ගන්න පුලුවන් වුනා කිව්වොත් හරි.. මොකද එයා කට ඇරන් බලන් හිටියේ මාණික්‍ය දිහා.. ඉතින් දැන් මනරුට ලොකු ප්‍රශ්නයක්.
"තව ටිකක් ඉන්න මනරු"
"ආහ්?"
මනරුට දැන් මාණික්‍ය කියන දේවල් ග්‍රීක් හා සමානයි. ඒත් පවුලේ අය,
"ඒකනේ නිර්මල පුතා.. ඔයා ඒකට එච්චරටම අකමැතිද? අර දරුවා මේකට මොකද කිව්වෙ?"
අනිත් අය ආයෙම නහර ඉලුප්ප ගන්න කලින් රමණි කට ඇරියා.
"අකමැත්තක් නෑ අම්මා.. ඒත් මට කසාදෙට වඩා වටින දොරවල් තියෙනවා බලන්න.. සෘති ත් එච්චර දේකට කැමති නෑ.. ඒක නිසා මේක හරිම පොඩි විදිහට කරන්න තමයි මට ඕනේ"
ලොකු අයියා ඒ ටික කියන කල් ද මෙච්චර වෙලා මාණික්‍ය බලන් හිටියේ? ඒහෙම වෙන්න ඇති. මොකද අවශ්‍ය දේ ඇහුනා වගේ එයා සෝෆා එකටත් තට්ටුවක් දාගෙන උඩට ගියේ ඒක කාටවත් ඇස නොගැටෙද්දි. ඉතින් මනරුත් ඒ පස්සෙන් ගියා.
" මාණික්‍ය! ඔහොම ඉන්න"
පඩි පෙල දිගට ගිහින් මාණික්‍ය ගේ කාමරේ ලගටම ගිහින් තමයි මනරුත් කෑගැහුවේ. ඒත් ඒ ගියත් මනරුට මාණික්‍ය ගේ හැසිරිම දැකලා මහා ප්‍රශ්නාවලියක් දිග ඇරුනා. මොකද මාණික්‍ය ගිය ගමන් කරේ එයාගේ කැමතිම පිතිහරන ඉරියව්ව අනුකරනය කරලා හිනා වුන එක.
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.