37 වන පරිච්ඡේදය

123K 5.4K 1.9K
                                    


පසසර ආවේ නිකන් නෙවෙයි. අත් දෙකත් දෙපැත්ක මාරු කරලා ඇගට කොහෙත්ම පිහිටලා නැති නැටුම් ශෛලියකුත් එක්ක නට නට. පැත්තක ඉඳන් කවුරු හරි බලන් හිටියා නම් අනිවාරයෙන්ම ඒ අයඩ මේක පේන්නේ කාලක් ගහලා වඩිගපටුන නටනවා වගේ.. ඉතින් මනරු කට හදාගෙන කලගෙඩි නටන නැට්ටුවා දිහා බැලුවා.

"උබ හෙට නම් අපේ ගෙදර හතර මායිමේ පස් පාගන්න එපා පුතෝ! මං කුමාරිව හෙට එලියේ ලෙහලා තියනවා"

මනරු ඒ කියන දේවල් වලට මාණික්‍ය තොල් පියන් හිනා වුනේ මනරුගෙම ඇගිලි එක්ක සෙල්ලම් කර කර. ඕක ඉතින් පබසර දැක්කත් නොදැක්කා ගානට ගුරුලේත්තුව වගේ හිට ගත්තා.

"ඇත්තෙයි? ඔන්න බලපං උබේ ඔය හුකන්‍යව වල් බල්ලෙක්ට කියලා අරින්නේ නැද්ද කියලා! අලි වංසේ නිසානේ ඕකිගේ මේ සේරම! බලපංකෝ පස්සේ හිච්චි හිච්චි කලු පාට බලු නකුට්ටෝ ටිකක් එලියට එද්දි ඕකිගේ යක්ස කට! හුහ්!"

ඒකට නම් මාණික්‍යටත් හිනා. මොකද කන්‍යා කුමාරිට ඉන්න එකම පරම පාර්ශවිකයා වුනේ මනරු විතරයි. මොකද කුමාරි හීලෑ එයාට විතරයි නිසා. නැත්තං අනිත් ඕනම කෙනෙක් කුමාරි කට අරිද්දිම පන දාලා දුවලත් ඉවරයි.

"උබ වරෙන් මං දෙන්නම්! කුමාරිට කියලා උබේ පස්සේ පැත්තක් ගලෝනවා දැනගනින්!"

"ගලවයි! දැන් හොයපංකෝ බිත්තර කට්ටකුත් මට හැංගෙන්න!"

ඉතින් මනරු වට පිටේ ගල් හෙව්වා.. ඕක දැක්ක ගමන් ආව කාරනේ දාලා පබසර ආයෙම ග්‍රවුන්ඩ් එකට දිව්වා.

"මං එද්දි ඔය හුකන්‍යව ලෙහලා තිබ්බොත් මනරු බලාගමු!"

"බබා ඔයත් මගේ කුමාරිට අර පබිලිස්ගේ නම් කියන්න එනවද!"

මනරු ඒ ඇහුවේ නිකන් නෙවෙයි මාණික්‍යට පාරක් දෙන ගමන්. එතකොටම මාණික්‍යගේ කටට ආවේ නක්කල් හිනාවක්. ඊටත් දැන් දීලා තියෙන වෙලාවත් ඉවර වේගෙන එන නිසාම මාණික්‍ය ආයෙම කෙලින් වුනා.

"ඔයා හිතුවද ඒ යක්සනීට කුමාරි කියන්න තරම් මට පිස්සු කියලා? "

ඉතින් මනරු රවනවා. කුමාරිට කාගෙත් කුඩම්මාගේ සැලකිලි.. හෑබෙයි..

කස්තුරි සුවඳ ✓ Donde viven las historias. Descúbrelo ahora