91 වන පරිච්ඡේදය

117K 4.6K 2.6K
                                    


ඉතින් මේ වතාවේ නම් හීනයක් කියන අනුමානයවත් ඒ දෙන්නා ලග නෑ.. මොකද ඒ හීනේ ඇගට දැනුනු දෙයක්.. ඇත්තටම විඳලා බලපු දෙයක්.. ඒත් උදේ වුනත් වෙනදට උදේම ඇස් අරින කෙනා අද නැගිට ගන්න බැරි නින්දක.. නිරුවත් කය ඉන ලගට වෙනකල් විතරක් පොරවනයකින් වැහිලා තිබුනට මොකද නිරාවරණය වෙලා තිබුනු මුලු ඇගම ශක්තිමත් බාහු අතරේ හරි පරිස්සමට කොටු වෙලා තිබුනේ පුදුම ආදරේකින්..

ඊටත් නොකියම බෑ.. අද මුලින්ම ඇස් ඇරියේ වෙනදට වැඩිම වෙලාවක් නිදා ගන්න කෙනා..

ඉතින් මාණික්‍යටත් පුදුමයි.. ඒත්,

"මනරු"

ඇගේ සංවේදන වැඩ කරන්න ටික වෙලාක් අරන් ද.. මනරු තාමත් නිදාගෙන ඉන්නේ කියලා දකින්න කලින් මාණික්‍යට තේරුනේ එයා තුරුල් කරන් ඉන්නේ හීටින් පෑඩ් එකක් කියලා.

"මනරු..!"

ඉතින් නැගිට්ටට මොකද මාණික්‍යව ඒ අනිත් පැත්තට කලබල කරපු කාරනේ.. ඒ නිසාමයි එයා මනරුව නැට්ටන්න මොනා හරි කරලා උත්සහා කරේ.

"ම්.ම්.."

ඒත් මනරුගෙන් ලැබුනේ වචනයක් වත් නැති කෙදිරීයක් විතරයි..

"මනරු..! නැගිටින්නකෝ මගේ රත්තරං.. ඔයාට උණ"

"අ..අනේ..බෑ.."

"බෑ කියලා බෑනේ.."

නලලට වැටුනු කොන්ඩ කෑලී එහා කරන් මාණික්‍ය එයාගේ ඇගේ උෂ්නත්වයයි මනරුගේ ඇගේ උෂ්නත්වයයි මාරුවෙන් මාරුවට සන්සන්දනය කරන්න ගත්තා කිව්වොත් ඇත්ත.. දැන් මාණික්‍ය කවදාවත් නැතුව කලබලයි.. ඒත් මනරු..

"ම් හ්..මට අවුලක් නෑ මාණික්‍ය.. "

කොහොම හරි කරලා මනරු ඇස් ඇරියා.. ඒ වුනාට ඒ කටහඩ කවදාවත් නැතුව හරිම වෙහෙසකරයි.. වියලියි.. ඒත් ඒ විඩාව දැන් කියලා හරස් වෙන්නද? කවදා කියලා හරස් වෙන්නද?

"මනරු ඔයා උණ විකාරයෙන්ද ඔය-"

"මාණික්‍ය.."

"ම්..??"

මාණික්‍ය දැන් ඉන්නේ මනරු ලගම දනින් වැටිලා නම් තාමත් අවුල් වුනු ඇද රෙදි අතරේ වැටිලා හිටපු මනරුගේ මලානික ඒත් අමුතුම දිස්නයකින් දිලිසෙන ඇස් වල ඒ කාන්තිය වැටිලා තිබුනේ තමන් දිහා කලබලකාරී ඒත් වේදනාව මුසු වුන මාණික්‍යට නම්..

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now