ඉතින්.. අනාගතයක් සැලසුම් කරන කාරිය නම් එහෙම හිතන තරම් ලේසි කාර්යකුත් නෙවෙයි. මොන දේටත් කලියෙන් හිතන්න ඕනේ. කරන දෙයක් වැරදෙන්න තියෙන ප්‍රතිශතය අඩු කරන්න ගන්න මොනාටත් කලින් හිතන්න ඕනේ. හිතන්න ඕනේ වගේම..
"මේක හරියයි නේද?"
මනරු චරිතයෙන් ඒ තරම් ලේසියෙන් කඩන් වැටෙන පුද්ගලයෙක් නෙවෙයි.. කඩන් වැටෙන අයටත් කඩන් වැටෙන්න ඉඩ දෙන කෙනෙකුත් නෙවෙයි..ඒත් ඒ කිව්වේ මොකක්දෝ මන්දා හේතුවකට ලොකු කල්පනාවක ඉඳගෙන..
"ඔයාට මොකක්ද මේ ගැන තියෙන අවුල මනරු?"
මාණික්‍යටත් නිවාඩු දවසක ඒ දෙන්නම මේ හෝමගමට යන පාරේ ඉස්සරහටම ඇදෙන ගමන් හිටියේ.. ඉතින් දැන් මේ මාකුඹුර පහු වුනා විතරයි..
"දන්නේ නෑ.. මට මොකක් හරි අවුලක් දැනෙනවා"
"ඒ කිව්වේ?"
පාර දිහාවට යොමු වුනු මාණික්‍යගේ ඇස් හීනී වෙලා ගියා.. මොකද මනරුගේ මේ ප්‍රතිචාරය දැකලා.. කොහොම වුනත් මේ මනරුම හොයා ගත්ත තැනක්. එයා පටන් ගන්නවයි කියපු නැටුම් ඇකඩමිය, ඒක දැන් පවත්වගෙන යන්න තැනක් ඕනේ.. ඉතින් ඒ මනරුගේ හැකියාවෙන් හොයා ගත්ත තැනක්..
"අනේ මන්දා.. ගිහින් බලමුකෝ"
හෝමගම කිව්වත් ඒ තැනට ටවුමේ ඉඳම සැලකිය යුතු දුරක් යන්න තියෙනවා. මුලීන්ම මනරු ඒ ගැන මාණික්‍යට කිව්ව වෙලාවේ එයා මුකුත්ම නොකියා මේ ගමන යන්න ලෑස්ති වුනේ එන අදහසක් පස්සේ කියන්න කියලා හිතාගෙන. ඉතින් හේතුවක් නොකියා පැනලා ගියාට ඒ මනසේ මොකක්දෝ මහ අවුලක් තියෙනවා කියලා මාණික්‍යට ඇහැ කොනින් බලලත් කියන්න පුලුවන්.
"යමුකෝ"
ඉතින් කොහොම හරි එතනට ගිහින් බලද්දි නම් එහෙමයි කියලා තැනේ වැරැද්දක් තිබුනේ නෑ. නැටුම් වගේ ශිල්පයක් හදාරන තැනක් වුනත් ටිකක් ලොකුවට ඕන නිසා එතන ඒ ඉඩට හරියන අවශ්‍යතාවය සපුරන්න තැන නම් සුදුයි.. ඒත්,
"මං ඔයාගේ අවුල් මොකක්ද කියලා කියන්නද"
මෙච්චර වෙලා පැත්තක ඉඳන් මනරු දිහා බලන් හිටපු මාණික්‍ය ඉනටත් අත් දෙකත් තියාගෙන වට පිටේ බලන ගමන් ඒ කිව්වේ මනරුගේ මූන දිහාවත් නොබලා.. මොකද මෙතනට ආපු ගමන් මාණික්‍ය මනරුගේ ඔලුවේ තිබ්බ ප්‍රශ්නේ සේරටම කලින් තෙරුනා.
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.