මාණික්‍යගේ තොල් නතර වෙලා තිබ්බේ කිටි කිටියේ බල නහරෙත් ගැහෙන මනරුගේ බෙල්ල පාමුල.. ඊටත් එයා ඇදන් ඉන්න ටී ෂර්ට් එකට යටින් අරන් ගිහින් තිබ්බ මාණික්‍යගේ අත් හිත කොච්චරවත් අල්ලන්න පොර කාපු මනරුගේ ඉනෙන් උඩ නතර වෙලා තියෙද්දි ගතට දැනෙන අමුතුම පහස දරාගන්න බැරුව එයා මාණික්‍යගේ ඇදුම මිරිකගෙන හිටියා..
ඒ අතින් ගත්තොත් මාණික්‍ය වුනත් හිටියේ වෙනදා ඉන්න ලෝකේ නෙවෙයි.. එයා කරන දේ එයාටම අලුත් ඊටත් නුපුරුදුයි.. ඒ වුනත් මොන දම්වැල දාලා ආපස්සට අද්දන්න හැදුවත් කඩන් බිදන් කඩොලු පනින හැගීම් එක්ක සිපුමකට මහ අමුතුවෙන් පලපුරුද්දක් එයාට ඕන වුනේ නෑ.
ඉතින් තොල් තද කරන් හිටියත් මනරුගේ ප්‍රතිචාරත් එක්ක මාණික්‍යගේ තොල් කොනට හිනාවක් ආවේ කන නොතියත් ඇහෙන මනරුගේ පපුව පිස්සු නටන සද්දෙට.
"කට විරයිනේ බලන් යද්දි.. ම්.. මං තාම ඉන්නේ බෙල්ල මුල විතරනේ මනරු"
මේ වෙනදට මාණික්‍යගේ ඇහෙන කතා විලාසය නෙවෙයි.. ඊට හාත්පසින්ම වෙනස් උණුසුම් අයිස් කන්දක් වුනත් දිය වෙලා යන තාලේ වචන හැසීරිමක්.. දැන් මනරු ඒ කටහඩ නාහන්න වෙන කෙනක් නම් මේ ඉන්නේ මාණික්‍ය කියලා නම් දහ අතේ දිවුරුවත් විශ්වාස කරන්නේ නෑ..
ඉතින් මනරු කාටවත් පෙන්නලා නැති ලැජ්ජ හිනාවක් එක්ක ජිවිතේ පලවෙනි පාරට මාණික්‍යගේ බෙල්ලේ එල්ලුනා. වචනෙන් නොකිව්වට මේ හැසිරිම ඒ දෙන්නගෙම සරුවාංග දිගේ හිරිගඩු මල් ඇහැරලා ඒ මල් වල වහන්න සමනල්ලුත් මවනවා..
"අර මොන මාලුවටත් වෙලාවක් එනවලුනේ මාණික්‍ය.. එතකොට බලමුකෝ කියන කෙනාගේ කෙරුවාව"
දැන් ටිකකට කලිනුත් මනරුගේ ඒක ස්පර්ශයට ඇස් පිය වුන හැටි මතක් වෙලා ඒ වෙලේ මාණික්‍යට හිනා ගියා.. ඒ හිනාව දිහා බලාගෙන මාණික්‍යගේ කර වටේට ගිය මාලය ඇගිලි තුඩු වලින් පිරිමදින ගමන් මනරු කල්පනා කරේ ඔය හිනාව එයා කොච්චර කාලෙක ඉඳන් හෙව්වද කියලා..
"මොනාද හිතන්නේ?"
මාණික්‍යගේ හැමදාමත් වලියට බර වචන දැන් පුදුම තරම් නිවිලා.
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.