27 වන පරිච්ඡේදය

132K 5.6K 1.6K
                                    


"මොකක්ද වුනේ?"

Washroom එකෙන් එලියට එනගමන් මාණික්‍ය අහද්දි මනරු එයාව දොර ලගම නතර කර ගත්තා.

"මුලින්ම මට පොරොන්දු වෙන්න මාණික්‍ය ඊට පස්සේ කියන්නම්"

"මාව ඇවිස්සෙන්න ලගයි මනරු! මොකක්ද වුනේ කියන්න! නැත්තන් මං"

"නැත්තන් මං මොකක්ද මාණික්‍ය? ඔයා කලබල වෙනවා කියලා දන්න නිසාම තමයි මං කිව්වේ මට දැන් පොරොන්දු වෙන්න කියලා.. මොකද මෙතන ඔයාට කලබල වුනා කියලා විසඳන්න දෙයක් නෑ"

"ඔයා කොහොමද එහෙම කියන්නේ? අනික ඔය ඇවිත් තියෙන්නේ ගජන නම්!"

මාණික්‍ය ඇස් රැලි කරන් අහද්දි මනරු එයාට ලං වෙලා කට කොනට හිනාවක් ගත්තා හරියට එයාට අනාගතේ පේනවා වගේ..

"මම කියන්නේ මං දන්න නිසා මාණික්‍ය.. ඒක නිසා දැන් ගිහින් එතන ඔයාට කටක් අරින්න තහනම්"

ඒ කියලා මනරු ආයෙම කට්ටිය ඉන්න පැත්තට ඇවිදන් ගියා.. ඒ යද්දිත් කලින් හොඳට හිටපු කොල්ලෝ ටික දැන් නැගිටගෙන පිල් දෙකකට බෙදිලා එකාට එකා මොනාටද මන්දා කියෝගන්නවා. ඒ කියන්නේ එතන තවත් කට්ටියක් ඉන්නවා.

"උබලා නේද එදා අපේ එකෙක්ට අත ඉස්සුවේ ආහ්? "

"ආහ් මේ බං අර කුරුටු ගීත ලිව්ව එකාගේ සෙට් එකක්ද කොහෙද"

"ආහ් ඔව් බලපං එදා ගුටිකාපු එකත් ඉන්නේ!"

"මොකක්ද උබලා කිව්වේ? කෝ උබලගේ මහ ලොකු යාලුවා? අර අලුතෙන් ඇවිත් නැව්බැස්සේ!"

"උබට මොකටද ඒක?!"

"මට නැත්තන් වෙන කාටද ඒක?"

දෙපැත්තෙන්ම උණුසුම් වාග් ප්‍රහාර මාරුවෙන් මාරුවට හුවමාරු වෙනවා හරියට පාර්ලිමේන්තු සැසි වාරයක් වගේ. දැන් KFC එකේ වැඩ කරන කොල්ලෙකුත් එතනට ඇවිත් මොකද මෙතන ගහ මරාගන්න කියාපු වටපිටාවක් තිබ්බේ. අඩුම කොල්ලෝ විස්සක්වත් එතන ඇති. ඒත්,

"පොදු ස්ථාන වල හැසිරෙන්න දන්නේ නැත්තේ කවුද?"

ඒ හැමෝගෙම සද්ද පරාදකරගෙන ඇහුන ගමන් නිකන්ම අවනත වෙන්න වෙන ජාතියේ කටහඩක් ඇහෙද්දි හැමෝම වගේ එ පැත්ත බෑලුවේ කවුද ඒ බලාගන්න.. ඉතින් මනරු මුලින්ම කරේ එතන හිටපු KFC එකේ වැඩ කරන කොල්ලව එතනින් යවපු එක.

කස්තුරි සුවඳ ✓ Dove le storie prendono vita. Scoprilo ora