"මොකක්? "
එයා දිහාම බලන් ඉන්න මනරුගේ මූන දිහා බලද්දිත් මාණික්යව රත් වෙනවා වගේ.. ඉස්කෝලේ ඉන්න මනරුද නැත්තන් එතනින් පිට ඉන්න මනරුද වැඩියෙන්ම හිත් ගන්නේ කියලා එයාට එකක් තෝර ගන්න බෑ.. ඉතින්,
"මාණික්ය ඔයා කවදා හරි කාට හරි ආදරේ කරලා තියෙනවද?"
"නෑ!"
"ඒ ඇයි?"
ඒ උත්තරේට මනරුගේ තොල් හිනා වුනේ නැති වුනාට එයාගේ ඇස් හරි හරියට හිනා වුනා. ඉතින් මාණික්ය උත්තර දෙන්න තමයි ගියේ.. හැබෙයි මනරු ඊට කලින් මෑද්දට පැන්නා.
"ඒක private කියන්න එපා දැන් ඒක private දෙයක් නෙවෙයි"
" එහෙනම් කොහොමද?"
"ඒකේ මට shares තියෙනවා කියලා හිතන්න"
මනරු ඒ කිව්වේ ඇස් කොනින් මාණික්ය දිහා බලන්.. දැන් එයා උත්තර දේවිද?
"ඒක හිත ඇතුලෙ විතරක් තියන් හිටියා.. මට කාටවත් ආදරේ දෙන්න ඕන වුනේ නෑ.. "
මාණික්ය ඒ උත්තරේ දුන්නේ හරිම ආත්මාර්ථකාමී ස්වරයකින්.,
"දන්නවද මාණික්ය එහෙම හිතන හිත හරියට ලබ්බක් වගේ.. ලබ්බේ ඇතුලේ තොවිලේ වගේ"
"මොකක්?"
ඇහුනේ කුණු රුපයක් වගේ මාණික්යට තේරුනේ. ලබ්බක් කොහොමද එතනට ආදාල වෙන්නේ? එහෙම හිතපු මාණික්යගේ මූනේ ඇදුන ප්රශ්නාර්තය දැකලද කොහෙද උත්තරේ දෙන්න කලින් මනරුගේ මූනට හිනාවක් ආවා..
"එහෙම හිතන එකේ වැරැද්දක් නෑ.. හැගිම් හිර කරන් ඉන්න එකට මොන නීතී පොතේවත් වැරැද්දක් කියලත් නෑ දඩුවමක් දීලත් නෑ.. හෑබෙයි එතන නටන්න බෑ! නටන්න ඉඩ නෑ.. ආදරේට හිතේ හැටියට නටන්න ඉඩක් දෙන්නේ නැති හිතක කොහෙද නිදහසක් මාණික්ය? එයාලා හැම තිස්සෙම එක තැන හිරවෙනවා.. ජීවිතේ කියන්න මොකක්ද, අඩුම සතුට කියන්නේ සැනසීම කියන්නේ මොකක්ද කියලාවත් එයාලට තේරෙන්නේ නැති වෙනවා"
ඒක කිව්වටත් වඩා මනරු කරේ මාණික්යට අත මිටි කරලා ටොක්කක් ඇන්නා වගේ දෙයක්..මොකද ඒ වචන මාණික්යගේ හිතට තදින්ම ගිහින් වැදුනා.. වැදිලා නක්ලේට හිනා වුනා.. මෙලෝම රහක් නැති හදවතක් අයිති මල මිනියක් ගානට දැම්මා.