ඉතින් එලි වුනා. දෙපැත්තෙන්ම යවපු කෙටි පණිවුඩ වලට උත්තරයක් නැතුව අවසානේ දෙපාර්ශවයටම නින්ද ගිහින්. ඒ කොහොම වුනත් මාණික්යට ඉස්කෝලේ යන දවසක වගේම ඉරිදා උදේම ඇහැරුනේ හිත ඇතුලේ හොල්මන් කරන අර අලුත් නුපුරුදු කිතිය එක්ක.. ඒක හරි අමුතුයි, දැනෙද්දි මොන වගේද කියලා හරියට කිව්වොත් යටි බඩ එක්කම ඇඹරිලා මිරිකලා යන හැගිමක්.. ඊට වඩා එතන තිබ්බේ අන්තිමට එයාගේ හැගීම් වලට දොරක් හැරුනා කියන කිති කැවිලා යන සිතුවිල්ල.
"ආහ්?? මේ මොන ප්රාතිහාරයක්ද දෙවියනේ! අද ඉරට පාර වැරදිලද? මාණි ඔයා තාත්තාට පේන්න නම් ඉන්න එපා ඒ මනුස්සයට පපුවේ අමාරුව හැදෙයි!"
"මොකද ලොකු බේබි කෑගහන්නේ? මොකද වුනේ?"
කාලෙකින් ෆැක්ටරියෙන් නිවාඩුවක් අරන් ගෙදර ආපු නිර්මලට උදේම බොන්න ගත්ත තේ එක තව ටිකකින් පිට උගුරේ යනවා. දැන් වෙලාව හත පහු වුනා විතරයි.. ඉතින් සද්දෙට ලීලා නැන්දත් සාලෙට දුවන් ආවා.
"ලීලා නැන්දා බලන්න මේන්න ලෝකේ නව වෙනි පුදුමේ කකුල් ඇවිත් ඇවිදිනවා! ඒකත් හොඳ සිහියෙන්! මාණි මොකද මේ පාන්දර හීනයක්වත් දැක්කද?"
මාණික්ය හිටියේ ඇස් පොඩි කරන ගමන්. සාමාන්යයෙන් ඉරිදා කියන්නේ එයා දවල් වෙනකල්වත් නිදා ගන්න දවසක්. ඒත් අද.. නෑ නෑ නින්ද යන්නේ නෑ. මනරු ගෙදර යද්දි ගියේ නින්දත් අතේ අරන්.
"මොකද මොකද ලොකු මේ සද්දේ?"
ඒ සද්දෙට රක්ෂිතත් ඇවිත්. අද කවදාවත් නෑතුව නාථ දේවප්රිය ගේ පුතාලා තුන් දෙනාම ගෙදර. ඉතින් රක්ෂිත ආවත් හරි මාණික්ය කාන්දම වගේ ගිහින් එයාගේ පොඩි අයියගේ අතේ එල්ලුනා.
"Merlins beard!! මොකද මාණි මේ???"
දැන් රක්ෂිතත් නිර්මලගෙම බෝට්ටුවේ හබල් ගහනවා. ඒ වුනාට මාණික්ය නෙවෙයි ඔය මුකුත් ගනන් ගත්තේ. මොකද ගනන් ගත්තොත් කාටත් කලින් පොඩි අයියට වැඩේ තේරෙනවා.
"මොකද අනේ ඔයාලා මාව කලින් දැකලා නැද්ද? ලීලා නැන්දා කෝ මගේ කිරි එක.."
"ඒක තමයි මාත් ඇහුවේ හීනෙන්වත් බය වෙලාද කියලා"
නිර්මල ඉදන් ඉන්න තැනෙන් නැගිටලා ඇවිත් මාණික්ය ගේ අතකට අනිද්දි කොල්ලා ලොකු අයියාගෙන් බේරෙන්න රක්ෂිතගේ අස්සේ හැංගෙන්න ගත්තා හරියට අවුරුදු හයේ හතේ පොඩි එකෙක් ගානට.
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.