57 වන පරිච්ඡේදය

102K 4.7K 956
                                    




ඇගට පතට නොදැනී නිර්මල කිව්වා නම් තමයි. ඒත් හැබෙයි ඒකට ප්‍රතිචාර දුන්නේ බත් කටක් කටේ තියන් හිටපු මාණික්‍ය. ඒකත් මනරුට.. රහස් බසාවකින් ඇස් වලින් ඉගි කරලා ඔය මුකුත් ඇහුනේ නෑ වගේ ඉන්න පබසරව පෙන්නලා.. ඉතින් මනරු,

"ආ.. එහෙනම් දැන් සරාටත් ලොලි පොප් හම්බුනානේ නේහ්!"

අන්තිම බත් කටත් මාණික්‍ය ගිල්ලද නැන්ද කියලා නොබලා කටට ඔබලා පිගාන හෝදන්නම කියලා මනරු සින්ක් එක ලග හිටපු යාලුවා ගාවට ගියා.

"ආ ලොලි පොප්ද මචං? ඇයි උබලා කන්නේ නැද්ද?"

මනරු එහෙම නෙවෙයි ඔයිට වඩා දෙයක් කියන් ගියත් ගනන් ගන්නේ එයා නෙවෙයි වගේ පබසර කතා කරේ. ඉතින් වෙලාවටම වගේ ගෙදර දොර පැත්තෙන් සද්දයක් ඇහෙද්දි නිර්මලගේ හිනා හඩත් එක්ක රක්ෂිතත් ඒ පැත්තට ගියා..දැන් ඉතින් පබසර කොටු වෙලා.. මොකද මාණික්‍යත් ඇවිත් පබසරගේ එහා පැත්තෙන් කවුන්ටරය වාරු වුනා.

හැබෙයි ඔය මොනාට කොටු වුනාද කියන්න පබසර නම් දන්නෙ නැති ගානට දෙන්නා දිහා බැලුවේ.

"අපිට නම් ඉතින් ඔය ඕන වෙලාවක ලොලි පොප් කන්න බැරියෑ.. හිතුන හිතුන වෙලාවට පුලුවන්නේ.. උබ කන්නේ නැද්ද?"

ඉතින් මාණික්‍ය අහක බලන් රතු වෙනවා. හැබෙයි මනරුගේ නම් ලැජ්ජ නහර කැපිලා දැන් කල්ප ගනන්.

"පේන්නේ නැද්ද යකෝ මං වැඩක් කියලා! උබත් මේ කැරට් අලයක් සුද්ද කරපං වැඩක් නැත්තන් ඇ-"

"ඒක නෙමෙයි සරෝ.. කැරට් අලේ පැත්තකින් තියපංකෝ.. සිරිවටම උබට කෙල්ලෙක් නැද්ද බං? "

" කෙල්ලෝ මේ මට?"

"නැත්තන් මටයෑ! මං උබව දන්නේ එක වසරේ ඉඳන් මචෝ ඒක නිසා මට උබ හැරෙද්දිම කියන්න පුලුවන්"

හැරෙද්දිම කියන්න පුලුවන් කිව්වට පබසර පිහියත් අතේ තියන් හැරෙයි කියලා මනරු අනුමාන කරන්නේ නැතුව ඇති.

"අනේ හූ* මට ඇති කෙල්ලෙක් නෑ බං.. කලිනුත් කිව්වනේ.. ඉන්නවා නම් මං මෙහෙම නේවෙයි ඉන්නේ ආයේ ඉතින් උබලා ඔය කොරන ඒවට රිටර්න් එක දෙපිටින් යන්න දෙන්න ඉන්නේ හුහ්! "

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now