මීක් සදකදයක් නැති art section එකේ මිහිරි මිස්ගේ කටහඩ හරියට බුදූ මැදුර ඇතුලේ හූවක් තිබ්බා වගේ. දැන් හැමෝම උත්තර ලියන එක පැත්තකින් තියලා කොල ගුලිය ඇහිදපු මිස් දිහායි එතන ලගම ඉන්න මාණික්ය දිහායි මාරුවෙන් මාරුවට බලනවා.
"කවුද මේක එව්වේ?"
ඇගේ ඇවිත් වැදුනේ මාණික්යගේ නිසා ඒක දැම්මේ එයා කියන්න බෑ. එහෙමයි කියලා පන්තියේ එක කොල්ලෙක්වත් කට හෙලෙව්වේ නෑ.
"ඇයි මිස් what happened?"
එහා පන්තියේ අද විභාගේ බලන්න දාලා තිබ්බේ ඒ පන්තියේ ඉංග්රීසි උගන්නන දෝණිකා මිස්ට. ඉතින් ඊලගට කොල්ලන්ගේ ඇස් ගියේ දෝණිකා මිස්ට.. මිස්ටත් වඩා තියන එක අඩියට උතුර නැගෙනහිර බටහිර දකුණට වැනෙන පශ්චිම නිකායට..
"බලන්න දෝණිකා මිස් කවුරු හරි ළමයෙක් මෙතනට කොල ගුලියක් එව්වා! දැන් මේ කපටියෝ කතා නෑ!"
"කෝ මිස් දෙන්න බලන්න"
දැන් මිස්ලා දෙන්නා කොල ගුලිය එව්ව කෙනා හොයන්න වෙනම ව්යපෘතියක් දියත් කරලා තියෙන වෙලේ මාණික්ය ලිය ලිය හිටපු උත්තරේ ලියලම ඉවර කරලා පන්තිය දිහා බැලුවා.. එයාගේ ඇස් මුලින්ම ගියේ නවිදුට පස්සේ ඊට එහා පැත්තේ ඉන්න පබසරට.
"මොකද්ද උනට තුත්තරේ? What is that? කාටද උන හැදිලා තියෙන්නෙ?"
කොලේ තිබ්බ දේ දෝණිකා මිස් සෙක්ෂන් එකටම ඇහෙන්න මහ හයියෙන් කියවද්දි මේච්චර වෙලා හුම් නැති පන්ති හතරම එකට හිනා වෙන්නගත්තා. හැබෙයි මාණික්යට නම් හිනා නෑ එයා ගනන් ගත්තෙත් නෑ ඒත් ඒ වෙනකොටත් පබසර බලන් හිටියේ මාණික්ය දිහා නිසා එයා ඉගියේන් වගේ කවුද ඒ කියලා අහද්දි පබසර කාටවත් නොතේරෙන්න ඇස් දෙකෙන් ඊට එහා පැත්තේ ඉස්සරහින් ඉදගෙන ඉන්න සුලක්ශනව පෙන්නුවා.
"කාටද ළමයි උණ හැදුනේ? මොකද පේපරේ දැක්කම නිකන්ම උණ ගැනුනද? ඔය දිල තියෙන්නේ මේ වාරේට උගන්නපුවා තමයි පිස්සු නටන්නේ නැතුව ලියන්න ගන්න නැත්තන් මං හැමෝගෙන්ම ලකුණු පහක් අඩු කරනවා!"
ඉතින් මාණික්යට ඒ ඇයි කියලා හිතා ගන්න බෑ. ඇයි එයාටම එව්වේ කියලා හිතන ගමන් ආයෙම පේපර් එක දිහා බලද්දි තමයි මාණික්යට බල්බ් එක පත්තු වුනේ..ඉතින් හරියටම කිව්වොත්..
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.