39 වන පරිච්ඡේදය

108K 5K 695
                                    



"ම්. මාණි.."

ඒ මූනේ කොහෙත්ම වැරදිලාවත්, බැරි වෙලාවත්, අහම්බෙන්වත්, දෛවයේ සරදමකටවත් මාණික්‍යව දකින්න බලාපොරොත්තුවක් තියා පෙර සූදානමක සේයාවක්වක් තිබ්බා කියලා පෙනුනේ නෑ.. ඇරත් එතන ඒ තැතිගැස්ම නිර්මල ගේ කැඩුනු වචන වලින් මොනවට කිව්වා..

"ඔයා මොනාද මෙහෙ කරන්නේ?"

මාණික්‍ය ආයෙම ෂ්‍රශ්න කරා.. ඒත් මේ වතාවේ..

"අහ්.. මං. මගේ යාලුවෙක් බලන්න ආවා මාණි.. ඔයා මොනාද මෙහෙ කරන්නේ?"

"ඔය මොකක්ද?"

ප්‍රශ්නෙට උත්තර ලෑබුනත් මාණික්‍යට තව ප්‍රශ්නයක්.. ඒ ප්‍රශ්නය කෙලින්ම දික් වුනේ නිරාමලගේ අතේ තිබ්බ ලාවට එහා මෙහා පේන ෆයිල් එකකට.. ලියලා තියෙන දේවල් මොනාද කියලා නොපෙනුනාට එතන කොල දෙක තුනක්ම තිබ්බා කියලා බලන ඕන කෙනෙක්ට පේනවා..

ඉතින් නිර්මල ඇදගෙන වැටුන අනිත් ප්‍රශ්නෙට එයා උත්තර දෙන්න කලින් සුපුරුදු හිනාව මූනට ගත්තා.

"මේක ඒ බලන්න ගිය යාලුවගේ මාණි.. දැන් මට කියන්න practice වෙලාවේ ඔයා මොනාද hospital එකක කරන්නේ? ඔයාට තුවාල වුනාද???"

අතේ තිබ්බ ෆයිල් එක දෙකට නවලා අතකට හිර කර ගෙන අන්තිම ප්‍රශ්නයට යද්දි නිර්මල ගේ කටහඩේ කලබලයක් තිබ්බා කිව්වොත් සාධාරණයි.. ඉතින් මාණික්‍ය ඒක දැක්ක නිසාද කොහෙද ඉක්මනට ඔලුව වැනුවා.

"නෑ නෑ මං නෙවෙයි පබසර injured වුනා"

"ආහ්?? පබසර ට මොකක්ද වුනේ දැන් කෝ එයා?"

"එයා වෝඩ් එකේ.. මං මේ එයාගේ තාත්තාව බලන්න ආවා"

වෝඩ් එක කියද්දි නිර්මල වෝඩ් එකක් පේන මානෙකවත් නැති වුනත් බෙල්ල කරකලා වටේම බැලුවා.

"මොකක්ද වෝඩ් එක? කොල්ලට ගොඩක් අමාරුයිද?"

"නෑ.. ඇන්කල් එක පෙරලුනා.. ලොකු අයියා යනවා නම් මනරුට මෙතනට එන්න කියනවද මට එයාගේ තාත්තාව හොයා ගන්න බෑ"

" ආහ් okay මාණි මට වෝඩ් එක කියන්නකෝ"

ඉතින් මාණික්‍යගේ මග පෙන්වීම යටතේ නිර්මලට ඒ කියන වෝඩ් එක හොයා ගන්න මහ අමාරු වුනේ නෑ.. කොහොම හරි ඒ කිව්වත් වගේ එතන මනරුත් හිටියා. දෙන්නම ලොකු කයියක හිටියේ මොකද තුවාල වුන කෙනාගේ කට තාමත් හොඳට වැඩ නිසා.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now