හදවත ගනන් කර ගන්න බැරි වාර ගානකට වේගයෙන් ස්පන්දනය වෙද්දි ඒ නිසා ඇගෙට දැනෙන අපහසුවත්ව මේ වෙලාවේ සලකන්න බෑ.. මොකද වාහනේ ඇතුලේ ඇගට වැදෙන සීතල හුලං පාරට වඩා දැන් මාණික්යගේ අත පය සීතල වෙලා තියෙන්නේ.. එතකොට..
"ප. පබ. සර"
ඒ ගැහෙන්නේ සීතලට කියලා කිව්වොත් කාගේ අනුමානයටද වරදින්නේ..
"ඕ බං මොකෝ ඔය??? මොකද බං මේ උබ ගෙදර ගියාද?"
"අපි ගැන දන්නවා"
මේ වෙලාවේ මාණික්යගේ කටින් පිට වෙන්නේ ඔලුවෙන් එයාට පිට කරන්න කියන දේවල් විතරයි.. බයට, තැතිගැන්මට නහරදීගේ දුව ලේ පවා සීතල වෙලා තියෙන වෙලාවේ මාණික්යට වාහනේ මග අරන් යන්න විතරක් ශක්තියක් ඉතුරු වෙලා තිබුනා.. තිබුනා මොකද මොනම විදිහකින් හරි දැන් එයාට මනරු ලගට යන්න ඕනේ..
"මොකක්?? මො. මේ තේරෙන්න කියපං මාණික්ය මොකක්ද වුනේ?"
අතට හුරු නැති දෙයක් හා සමානව සුක්කානම අල්ලන් මාණික්ය වාහනේ අරන් යන්නේ.. ඉතින් දැන් තමන්ගේ මුලු ආත්මයම තමන්ට අවනත නැති තැනට පත්වෙලා නම්.. කතා කරන්න වචන කොහෙන් හොයන්නද..
"මනරුගේ තාත්තා.. එයා අපේ affair එක දැනගෙන"
"f@ck!! මොකක්?? කොහොමද?! කාගෙන්ද? උ. උබ දැන් කොහෙද ඉන්නේ කියපං?! මං එන්නම් හිටපං!"
"එපා.. එපා බං.. මං දැන් එහෙට යන ගමන්..ම්. මං හොඳින්."
"මට එහෙම පේනවා කියලා උබ හිතනවද???! ආහ්??"
"එපා.. උබ ආවොත් උබටත් ප්රශ්නයක්.. කොහොමත් මෙහෙම දෙයක් මං බලාපොරොත්තු වුනා.."
"ඒ වුනාට උබ මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑනේහ්!! හිටපං මං එනවා"
"එපා බං.. මං දැන් එතන.. මං ගන්නම් "
"මාණික්ය හිට-"
පබසරට එතනින් එහාට වාක්ය කොහෙ සම්පූර්ණ කරන්නද.. මාණික්යගේ සීතල ඇගිලි ඊට කලින් ඉක්මන්.. ඉතින් මොන විදිහෙන් හරි බලාපොරොත්තු වුන දවස අදම මේ මොහොතෙම වුන එකට කරන්න දෙයක් නෑ.. මොකද අනාගතය තීරණය වෙන කඩයිම් අපි ලගට එන්නෙම බලාපොරොත්තු නොවුනු වෙලාවට..
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.