දැන් වෙලාවත් එක්ක හවස ඉර බැහැගෙන යන්න පටන් අරන් තිබ්බේ. ඉර අව්ව තැඹිලිම තැඹිලි පාට අරන් තියෙන වෙලාවේ ඒ අව්ව මග අරින්න කෙසේ වෙතත් පුරුද්දක් විදිහට පළදින කලු පාට Ray ban අව් කන්නාඩි යුවලක් දාගත්ත උස තරුණයෙක් ඉස්කෝලේ ගේට්ටුවට හරි කෙලින් පාරේ එහා පැත්තේ ඉඳන් මාණික්යට අත වැනුවා. එයා හිටියේ කලු පාට Range Rover එකකට හේත්තු වෙලා එක අතක් ඇදන් හිටපු ඩෙනිම් කලිසමේ සාක්කුවට දාගෙන..
සුදු දුහුල් සැහැල්ලු කමිසයක් දැන් හිටපු තරුණයා පෙනුමෙන් මාණික්ය අතරෙ තිබ්බේ පොඩි වෙනස්කම් ටිකක්. මාණික්යට වඩා උසයි සුදුයි හඳපු පිරිමි ඇග.. ඊටත් හිනා වෙද්දි වැඩිය එලියට පනින්නේ නැති නල දත් දෙක නිසා හිනාවෙන් ඒ දෙන්නා ගොඩක් වෙනස්. ඒ වුනාට මේ කෙනාගේ දැන් වුනත් මූනේ බැඳිලා තිබ්බ හිනාව හරිම උද්යෝගිමත් පිරුණු හිනාවක්.. ඉතින්,
"No way!"
මාණික්යට හිටපු තැන ඉඳපු මිනිස්සු හැම දෙයක්ම අමතක වෙලා එක පාරටම පාරෙන් එහා පැත්තට දුවන් යන්න ගියේ මූනේ ඇදුන අර ගෙදර සාලේ එල්ලපු පින්තූරේ වගේම හිනාවක් එක්ක.
"මාණික්ය බලාගෙන මේ පාර!"
මනරු බයටම එයාව එල්ල ගන්න තමයි ගියේ ඒත් මාණික්ය එල්ලන් හිටපූ බෑග් එකේ පටියවත් හරියට එල්ල අල්ල ගන්න බැරි වුන එකෙන් එයා පාර පැනලා ගිහින් අර කෙනාව එක පිම්මෙන් බදාගෙනත් ඉවරයි.
"ම්..! මගේ පොඩි මෑන්! I missed you so much!"
ඒ රක්ෂිත, මාණික්යගේ දෙවෙනි අයියා. මේ එයා මාණික්යව දකින්නේ මාසයකට පස්සේ. ඉතින් කිටි කිටියේ එයාව බදාගෙන ඉන්න එයාගේ පොඩි මල්ලගේ ඔලුව එයත් ඉම්බේ තද කරන්. ඒ දර්ශනේ දැන් පාරෙන් එහා පැත්තේ ඉඳන් සජීවීව නරඹන අනිත් තුන් දෙනාගෙන් දෙන්නෙක් හිටියේ කට ඇරගෙන.. ඒත් අනිත් කෙනගෙ නම් මූනේ කිසිම හැගීමක් තිබ්බේ නෑ. ඒ වෙනුවට මිට මෙලවුන අත් එක්ක එයා වේගයෙන් ඇස් පිල්ලම් ගහලා පාර පෙපැත්ත බැලුවා.
"ඔයාට දැන්ද මාව miss වුනේ ආහ්?"
"නෑ! ඊයේ රෑත් මිස් වුනා හැබෙයි මෑන් ගෙදර ඇතුලට ආපු විදිහ දැකලා මට කාමරේ ඇතුලට එන්නත් බය හිතුනා ඉතින් මටත් ගැහුවොත් එහෙම"
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.