මාණික්යට එයාගේ ඇගේ තියෙන වේදන අමතකයි. මොකද මෙච්චර වෙලා ලාවට හරි හදවත ගැහුනු මනරුගේ දැන් හුස්මක් වැටෙන්නේ නෑ.. ඉතින් පරඩැල වගේ පන නැතුව වැටිලා ඉන්න තමන් ආත්මයෙන්ම වැලදගත්ත ආදරේ අත් දෙකට උස්සගත්ත මාණික්ය එතනින් එලියට දිව්වේ මෙලෝ සිහියක් නැතුව.
වෙලාවටම එතන සිහියකින් වැඩ කරන කෙනෙක්ට හිටියේ නිර්මල විතරයි.. මොකද මනරු ඉන්න තත්වේ දැක්ක ගමන් පබසරටත් විකාර වගේ. පොඩි කාලේ ඉඳන්ම යාලුවා.. මොන දේ කරත් එකට හිටපු යාලුවා.. නැතිවෙනවා බලන් ඉන්න කාටද පුලුවන්..
ඉතින් මොන හෙනේ ගැහුවත් කල්පනාවෙන් වැඩ කරපු නිර්මල විතරක් ලගම තිබ්බ රෝහලක් හොයාගෙන සීයට පෑගුවා කිව්වොත් මාණික්යට පුලුවන් වුනේ බෙල්ල කඩන් වැටෙන මනරුව තුරුල් කරන් පිස්සුවෙන් වගේ කියවන්න විතරයි.
"අයියේ තව දුරද?? මනරු හුස්ම ගන්නේ නෑ අප්පා..."
ඒ පබසර.. සමහර තැන් තියෙනවා කරන්න ඕන හැම දේම අමතක වෙලා අන්ත අසරන තත්වයට පත්වෙන. ඒ වෙලාවට මිනිස්සු නොදරුවෝ වගේ හැසිරෙන්නේ. ඉතින් මාණික්යගේ මේ හැසිරීම ගැන නිර්මල එක අතකට පුදුම වෙන්නේ නෑ.
"දැන් ළගයි අපි ආවා"
"මනරු! මනරු අපි ආවා!! මං ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ!! මනරු.. මේ බලන්න.. අනේ.. හුස්ම ගන්න.."
වාහනේ නතර වුනා කියලා දැනුන ගමන් මාණික්ය කරේ කලින් වගේ මනරුව දෝතට අරගෙන ඉස්පිරිතාලේ ඇතුලට දිව්ව එක.. ඇත්තටම මේ කොහෙ තැනක්ද කියලාවත් එයා දන්නේ නෑ.. ගියත් වගේ එතනින් එහාට මනරුව භාර වුනේ එතන හෙද නිලධාරීන්ට.. ඊලගට අපේ ජීවිතේ බේරන්න පුලුවන් කියලා හිතන මිහිපිට දෙවිවරුන්ට..
ඒත් විසදන්න ප්රශ්නයි, දැනගන්න ඕන දේවල් කෝටියක් තිබ්බත් එයාලට මුලින්ම මුහුන දෙන්න වෙන ප්රශ්නේ දැන් ලග ලගම එනවා.. ඒකට දෙන්න ඕන උත්තරේ මොකක්ද කියලවත් මාණික්යට හිතා ගන්න බෑ.. ඉතින් ප්රශ්නය මතක් නොවෙන එක සාමාන්යයි..
"දැන් මනරුගේ ගෙදර අය එයි බං.."
නොකියා බෑ තාමත් ඒ දෙන්නම ඉන්නේ මැච් එක පටන් ගත් වෙලේ ඉඳන්ම ඇදන් ඉන්න ඇදුම් පිටින්.. අද දවසම හරිම වෙහෙසකරයි ඒත් දැන්.. දවල් වුන දේවල්, මැච් එක දිනපු සතුට මොන ලෝකෙට ගහන් ගියාද නෑ..
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.