රෑ වුනත් අලින් පහල වැටිලා තියෙන එලි එක්ක මනරුගේ ඇස් දිලිසෙන විදිහ මාණික්යට හොඳට පෙනුනා.. ඊටත් ආදරේ කියන වචනය කොච්චරවත් බලලා තියෙන කතා වල අහලා තියෙන සිංදු වල කියවලා තියෙන පොත් වල අහලා බලලා දැකලා තිබුනත් තමන්ගේ නමට අහගත්ත පළවෙනි වතාවේ ඒ දැනෙන හැගිම මෙහෙමයි කියලා මාණික්යට වචන කරන්න බෑ.. ඒ එක වචනයක් ඉස්සරහා මාණික්යගේ මුලු හෝඩියම ගොලුයි.. ඒත් ක්රියාව..
"හ්.."
මනරු ගැස්සුනා.. මොකද දෝතට අරන් හිටපු මාණික්ය ඒ මොහොතෙම එයාගේ තොල් මනරුගේ නලල උඩ තද කරගනිද්දි මනරු ඇත්තටම ගැස්සුනා..
"මාණික්ය.."
"මොනම හේතුවකටවත් ඔයාගේ හිත රිද්දන්නේ නෑ කියලා මං පොරොන්දු වෙනවා මනරු.. එහෙම වුනොත් මං මනුස්සයෙක් වගේ ජීවත්වෙන එකක් නෑ.. මොකද මට දෙවෙනි පාරටත් මගේ අම්මව නැති වුනා වගේ වේදනාවක් විඳින්න බෑ"
නලලින් තොල් ඈත් කර ගත්ත මාණික්ය එතන කතා කරෙත් හරි පරිස්සමෙන්.. කාටත් නෑහෙන ගානට.. කාටත් නොපෙනෙන විදිහට.. මනරු කිව්වත් වගේ ලෝකෙටම හංගන මහ ගොඩක් ආදරේ පිරුණු කටහඩකින්.. තාමත් වචනෙන් නොකිව්වට එතන ඒ තරම් දෙයක් තිබුනා..
"අනේ මාණික්ය.."
මනරු හීනෙන් වත් මේ වගේ වචන ගොඩක් මාණික්යගෙන් බලාපොරොත්තු වෙලා නැතුව ඇති.. ඊටත් වඩා ඒ තරම් උණුසුමක් සීතල දවසට උණුසුම් කර ගත්ත කාමරයෙන්වත් දැනුනේ නැතුව ඇති..
"අපි හැංගි හැංගි බෙර ගහලා පස්සේ එලිපිට නටමු.."
වචන නැතුව හිර වෙලා හිටපූ මනරුගේ මූනට පාත් වෙලා මාණික්ය ඒ කිව්වේ මනරුට විතරක් දකින්න වාසනාව තියෙන හිනාවක් එක්ක.. ඉතින් මනරු හිනා වුනේ ආයෙමත් අර පිරුණු ගතිය ඇගට අරන්.. නිකන්ටත් වඩා මාණික්යගේ අතක් අරන් ඒ පිට අල්ලට සිපුමක් තියන ගමන්..
"ම්.. කවදාවත් ඔවර්ස් ඉවර වෙන්නේ නැති මැච් එකක් ගහමු"
ඉතින් ඉස්සර ලගට එන්න හදද්දිත් නවත්තන මාණික්ය දැන් මනරුව ඇදලා අරන් බදාගන්න තරම් එන හැගීම් හරි හයියයි.. මොකද ඒක ආදරණීය ගිවිසුමක්.. සදාකල් සුරක්ෂිතතාවයට එකගවුන වැලදගැනීමක්.