"ලොකු අයියා! ලොකු අයියා මාව ඇහෙනවද??!"
පඩිය උඩ ඇදන් වැටුන අයියව නුහුරු විදිහකට ඇල්ලුන නිසා තත්පරයෙන් දෙකෙන් මාණික්යට මුකූත්ම කර ගන්න බැරි වුනා.. නිර්මල ගේ මූන කට ඔක්කොම වගේ සුදු මැලී වේලා ගිහින් තිබ්බ එකෙන් මාණික්යට පුදුම බයයි.. කාට කතා කරන්නද? කවුද ඉන්නේ.. තාත්තා factory එකේ.. පොඩි අයියා මොන රටේද දන්නේ නෑ..
"අයියේ.."
කොහොම හරි කරලා මාණික්ය එයාව උස්සගෙන සෝෆා එකේ ඇල්ල කරලා තැතිගැස්මේන්ම ෆෝන් අරන් 1990 ට ගත්තේ දැන් කරන්න තියෙන ඔලුවට ආපු එකම දේ ඒක නිසා.. ඒ කතා කරන ගමනුත් එයා නිර්මල සිහියට ගන්න වතුර ඉහින ගමන් හිටියේ..
බැරිම තැන එයා මනරුට කෝල් කරන්න ගියේ.. ඒත් එයාට කොහෙත්ම මේ වෙලාවේ කරදර කරන්න බැරි නිසා මූලින්ම තාත්තාට ගත්තා.. ඒ ගත්තාම නාථ ඒ වෙලාවේම එහෙන් පිටත් වුනත් එයාට දැන් මෙතනට පහල වෙන්න කොහෙත්ම බලයක් නෑ.. ඉතින් අරන් පොඩි වෙලාවෙන් සුව සැරිය ගේට්ටුව ලග.. ඇදුමක්වත් මාරු කර ගන්න වෙලාවක් නැති නිසා හිටපු විදිහටම මාණික්ය අයියා එක්කම ගියේ දැන් කතා කරලා මොනා හරි කර ගන්න පුලුවන් එයාට ලග කෙනාට කෝල් කරන ගමන්..
ඉතින් ඉස්පිරිතාලෙට ගිහින් විනාඩි පහක් විතරක් යද්දි පබසර එතනට ආවා. ඒත් තනියම නෙවෙයි.. මාණික්ය නොහිතපු විදිහට එතන පබසරගේ තාත්තාත් හිටියා.
"කෝ අයියා??"
නිර්මල පරීක්ෂා කරනකල් මාණික්ය හිටියේ එලියේ පේලියට තියලා තිබ්බ පුටු පේලියේ ඉදගෙන.. ඉතින් ආපු ගමන්ම පබසර ඇහුවේ ඒ ප්රශ්නේ..
"ඇතුලේ doctor එයාව check කරනවා"
මාණික්යට තෙහෙට්ටුයි ඒත් ඒ තෙහෙට්ටුව දැන් තියෙන වික්ෂිප්ත ගතියට හොඳටම යට වෙලා. එයාට කියන්න දෙයක් හිතා ගන්න බෑ. මොකද අයියට එහෙම වෙන්න හරි හමන් හේතුවක්වත් එයා දන්නේ නෑ.
"එක පාරටම මොනාද වුනේ බං?"
"පුතා අයියට මොනාද තිබ්බ symptoms?"
පබසරගේ තාත්තා මනෝ වෛද්යවරයෙක් කියලා නම් දන්නවා ඒත් ඒකෙන් මේක හරි යයිද කියලා දන්නේ නැති වුනත් යද්දි අයියා හිටපු විදිහ අකුරක් නෑර එයා පබසරගේ තාත්තාට කිව්වා.
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.