"හ්ම්ම්..."
තාත්තා ලගම හිටගෙන හිටපු රක්ෂිත බර හුස්මක් පහලට දැම්මා. මාණික්යගේ ඔලුවේ මොන තරම් දේවල් කැරකුනත් එයාට ඒවා වචන කරන්න තේරේන්නේ නෑ. ඒ හැමෝම දැන් අහසින් වැටුනු ප්රශ්නෙකට හිර වෙලා..
"මේ ගෑණු ළමයා කොහෙද ඉන්නෙ නිර්මල? දැන් මේ ආපු ළමයා ඔයාගේ නම් දැනගන්න නිර්මල මං තමුන්ට කොහෙත්ම මේ ගෑණු දරුවාව අනාථ කරන්න දෙන්නේ නෑ!!"
"තාත්තා..! මං එහෙම දෙයක් කොහෙත්ම කරන්නේ නෑ.. මම එහෙම කෙනෙක් නෙමෙයි.. මං කිව්වනේ.. මං සෘතීව බඳිනවා.. කවුරුත් මෙතන අනාථ වෙන්නේ නෑ.."
ඇත්තටම දැන් හැමෝගෙම අත දික් වෙන්නේ නිර්මලට.. එහෙම වෙද්දි කෙලින් හිටගේන දෙයක් කියන්න කරන්නත් හරි අමාරුයි.. මොකද එහෙම වුනාම තමන් කවරදාටත් වඩා තනි වෙනවා.. මානසිකව වැටෙනවා.. ඒත් දෑන් නිර්මල ගත්තේ මෙතන ඉන්න වෙන කාටත් වඩා කෙලින් තීරණයක්..
" listen Sruthi let's go home.. මම ඔයාව බලන්න හෙට එනවා.. Promise"
නිරාමල හරි පැහැදිලි විදිහට සිංහල වචන ටික කියලා සෘතීගේ ඔලුව අත ගෑවේ ඇත්තටම හරිම වගකීමකින්.. මොකද කියන්න තේරෙන්නේ නෑ මෙච්චර දෙයක් වෙලත් එයාගේ හිතේ යට ගහන්න බැරි වෙනම සතුටක් තිබ්බා කියන්න එයාගේ ඇස් දෙකෙන් ඒ දෙන දිස්න මොනවට කිව්වා..
ඉතින් සෘතීව එයාගේ යාලුවා වත්තම් කරන් එලියට යද්දි නිර්මල ඉක්මනට එන්නම් කියලා දෙන්නා එක්කම එලියට ගියත් වගේ නාථ නලල පොඩි කරන් සෝෆා එකට වැටුනා..
වැටුනත් ඒ දසුන මාණික්යව ටික වෙලාවකට බය කරා කිව්වොත් රක්ෂිත ඉනට අත් තියන් කරන්න දෙයක් නැතුව උඩ බලාගනිද්දි මාණික්ය දුවන් ඇවිත් නාථ ගේ එහා පැත්තෙන් ඉදගෙන එයාගේ අතක් බදාගත්තේ හරි අසරණ විදිහට.
"මං දන්නේ නෑ පොඩි පුතා.. කසාද බඳින්න ඕන කමක් තිබ්බේ නැති කෙනා මෙහෙම දෙයක් කරගනිවි කියලා මං තුන් හිතකින්වත් හිතුවේ නෑ.."
"මටත් හිතාගන්න බෑ තාත්තේ.."
"මේ ගෙදර අම්මාවත් නෑ.. මට බය හිතුනා පොඩි පුතා"
"අනේ තාත්තේ.. ඔයා හිතන්න එපා"
ඒ කතා කරේ කවුරුත් නෙවෙයි මාණික්ය.. ඇත්තටම මාණික්ය බය වෙලා ඉන්නේ තාත්තා ගැන.. මොකද දැන් නාථ කතා කරන විදිහට මාණික්ය බය වුනා එයාට මොනවා හරිම වෙයි කියලා.. ඒ නිසාද මන්දා එයා තාත්තාගේ අතත් බදාගෙන අඩන්න ලං වුන ඇස් වලින් තාත්තා දිහා බැලුවේ.. ඒත් නාථ ඒ තරම් දුර්වල නෑ..