05. මේවාන්

854 88 11
                                    

05. කොටස

කොටස

""""" පරයා මන් අද උබව මරනවා... වේ#&& පුතා.. තෝ වගේ එකෙක් නෙවෙයි යකෝ මන්..."""""

මූ එහෙම කියාගෙන අත මිටවලා මගේ කටට ගහගෙන ගහගෙන ගියා... බොරු කියන්න ඕනී නෑනේ වැදුනූ පාරවල් ටිකට මගේ ඇස් බොද වෙලා වගේ යන්න ආවා.. කටට අමුතු රසක් ආවා වගේ දැනුන නිසා තමයී මන් අති මගේ කට අල්ලා බැලුවේ....

"""""" ලේ..🩸🩸 එහ්හ් මේ ලේ නේද...🩸🩸🩸"""""

මන් කටත් අල්ල ගන්න ගමන් කන්ණාඩියෙන් මූණ බැලුවා...

""""" මල්ලී.. ගොඩක් තුවාලද බන්.. """"

නිකේෂ් එහෙම අහගෙන මගේ ලගට ආවත් මන් ඌව එහාට තල්ලූ කරා...

""""" තමුසේ.. තමුසේ මොකක්ද ඕයී කරේ.. """""

මන් අතේ ගෑවිලා තිබුනූ ලේ දිහා බලාගෙන කෑ ගහන්න ගත්තා..

""""" සොරී.. මට තරහා ගියා කෝ පොඩ්ඩක්  බලන්න දීපන්.."""""

අරූ බය වෙලා වගේ ඇවිත් මාව අල්ලගෙන මගේ තොල් දෙක දිහා බැලුවා... මන් ඌව එහාට කරත් මූ බලෙන්ම මගේ අතෙන් අල්ලගෙන මගේ ලගට ලන් උනා.. මිනිහා කොච්චර ලන් වෙලාද ඉදියේ කිව්වෝත් ඌ හයියෙන් හුස්ම ගන්න හුස්ම පවා මගේ බෙල්ලට වදිනවා..

""""" ම්ම්ම්.. දොස්තර මහත්‍තයෝ,, සමාව දෙනවා මට කිස් එකක් දුන්නෝත්...""'""

මගේ ලගටම ලන් වෙලා හිටපු ඌට මන් එහෙම කිව්වම මිනිහා මගෙන් එහාට උනා... හිනා වෙලා ඉන්න මන් දිහා දැක්කම ඌට තේරෙන්න ඇති..

""""" බන්.. උබේ ඔය බොරු සෙල්ලම් වලට රැවටිලා උබ එක්ක සෙල්ලම් කරන වයසක නෙවෙයි මන් ඉන්නේ.. මන් උබට වදින්නම් මට පාඩූවේ ඉන්න දීපන්කෝ.. මන් බොහොම අමාරුවෙන් බන් ඉගෙන ගෙන මේ වගේ තැනකට ආවේ...අපිට එච්චර දේවල් තිබුනු අය නෙවෙයී.. ඒකාලේ තිබ්බේ අපෙ බඩගින්න නිවා ගන්න එක.. දැන් තමයි බන් මෙහෙමවත් ඉන්නේ.. ඒකනිසා මට දැන්වත් නිදහසේ ඉන්න දීපන් මල්ලී... මට උබ එක්ක ප්‍රශ්න දාගෙන කාලේ කන්න වේලාවක් නෑ.. """""

මිනිහා ඒ ටික කියලා එලියට ගියා... මාත් ටික වෙලාවක් යනකන් ඌ ගිය දිහා බලන් ඉදලා,,,

"""""එක්කෝ මේ මිනිහව මන් අතාරින්නද...""""

එකපාරටම මගේ ඔලුවට ආවේ ඒක...

මේවාන්Where stories live. Discover now