16. මේවාන්
""""ඉදියේ කොහොමද මෙතන.. මේ දැන් අඩයි දැන් අඩයි ලයින් එකේ.. දැන් ඔය එන්නේ නැති දතුත් එලියට විරිත්තගෙන..."""""
"""""" මට මොකෝ.. ශශීන් අයියා ඇවිල්ලා හිටියොත්.. මූ ආවත් එකයි නාවත් එකයි මන් නැග්ගා මන් ගියා..""""""
මමත් තනියම කියව කියව මේන් ගේට් එක ලගටම ගියා... මම ගිහින් ව්නාඩි පහක්වත් යන්න උනේ නෑ නිකේෂ් මන් ලගට ආවා..
""""""" මල්ලී මේ මගේ යාලුවෙක් ඉන්නවා. අපිව කැම්පස් එක ලගට දාගෙන යන්නම් කිව්වා.. එන්න යමු.."""""
නිකේෂ් මගේ උරහිසට අතකුත් තියන ගමන් මගෙන් එහෙම ඇහුවා..
"""""" අහ් එහෙනම් ඔයා එයා එක්ක යන්න.. මාව එක්කගෙන යන්න ශශීන් අයියා එනවා කිව්වා..."""""
ඌ අහනකොටම මන් අනිත් පැත්තට ඒක කියලා දැම්මා..
"""""" එහෙමද. එහෙනම් මන් යාලුවට කියන්නම් යන්න කියලා...""""""
මම ඒකට මුකුත් නොකියම හිටියා.. නිකේෂ් ඊටපස්සේ කාර් පාර්ක් එක ලගටද කොහෙද ගියා.. ටික වෙලාවකින් ආපහු මන් ලගට ඇවිත් හිට ගත්තා.. අපි දෙන්නා හිටියා ගේට් එක ලග තියෙන ලොකු ගහක් යට.. එතන පොඩ්ඩක් කලුවර නිසා වටපිටේ අයට අපි දෙන්නව වැඩිය පේන්නේ නෑ...
"""""" කෝ මේ ශශීනයා... තාමත් නෑනේ.. """"""
ලොකු වෙලාවක් නොගියත් නිකේෂ් මුකුත්ම නොකිය මගේ එහා පැත්තට වෙලා ඉන්නව දැක්කම මට මාරම Uncomfortable ගතියක් දැනුනා... ඒක ඇත්තටම කියා ගන්න තේරෙන්නේ නෑ.. මාව නිකන් කලබල වෙලා වගේ... ඔහොම ඉන්නකොට එකපාරටම මගේ අත සීතල වෙලා ගියා..
""""""" ඔයාගේ අත රස්නෙයී..""""""
නිකේෂ් එක අතකින් මගේ අත අල්ල ගන්න ගමන් එහෙම කිව්වා... අත ගසලා දාන්නා දහස් වතාවක් හිතුනත් මට අත ඇදලා ගන්න බැරි උනා.
"""""" හ්ම්ම්ම්... """""
මගෙන් එලියට පිට උනේ එච්චරයී.. අපි දෙන්නා එක්ක ඔහොම ඉන්නකොට මගේ කාර් එක ගේට් එකෙන් ඇතුලට දානවා දැක්කා..
"""""" අහ් ශශීන් අයියා ඇවිල්ලා.. යමු..""""
මන් නිකේෂ්ගේ අතින් මගේ අත ඇදලා අරගෙන කාර් එක පැත්තට ගියා.. මන් යන්කොට ශශීන් අයියා කාර් එකෙන් බැහැලා.. ෆෝන් එක අතට අරගෙන..
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...