21.මේවාන්
"""""" කතා කරනකොට කට විතරක් නෙවෙයි සර්වාන්ගේම හොලවා හොලවා කතා කරන්නේ.'""""""
මටත් ඉතින් නිකන් ඉන්න බෑනේ දෙන්නම් තොට කියලා හිතාගෙන ශේප් එකේ වටපිට බලලා එකපාරටම පිටිපස්සේ ඉදන් පු#ප කෙනිත්තුවා...
"""""" ඊහ්හ්හ්... කව්ද මේහ්හ්..."""""
මිනිහා උඩ පැනපු පාරට නම් මන් විතරක් නෙවෙයි වට පිටාවේ හිටපූ එවුනුත් උඩ විසික් උනා...
"""""" ඒහ්හ් මේ මන් මන්.. මේවාන්..."""""
වටේම මිනිස්සු මගේ දිහායි මේ බූරුවගේ දිහායී බලනවා..
"""""" හෑයියා... මල නෝන්ඩී දැන් නම්... මූ හෑවා හෑමක්.. ෂිට් මටත් එක්ක නෝන්ඩී මේ මනුස්සයා නිසා.. මදැයි හොරාට හැංගිලා මූව බලලා යන්න ආවා...""""""
මන් ඉතින් ලැජ්ජාවේන්ම වට පිටේ එවුන්ට හිනා වෙවී.. ශේප් එකේ කොනකට උනා..
""""""" මල්ලී මට පොඩි වෙලාවක් දෙන්න..."""""'
මේ මිනිහට නම් හැගීම් දැනීම් ලැජ්ජාව කියලා නාමයක්වත් නැද්ද කොහෙද.. මෙලෝ ගානක් නැතුව මට අරහෙම කියලා ආපහු අර මිනිස්සුන්ට මොනවද කියවනවා...
""""""" අෆ්ෆා ගෑනූ ටික කට කනේ තියාගෙන අහන් ඉන්න ලස්සන... අනිවා මට සීයට සීයක් සුවර් ඕකුන් ඔය කියන මුකුත් අහන් ඉන්නේ නෑ... නිකේෂගේ ලස්සන දිහා බලන් ඉන්නවා ඇත්තෙ...''""""
""""""" හිතෙනවා මැද්දට පැනලා ප්‍රශ්න දෙක තුනක් අහන්න ගෑනු සෙට් එකම කොර වෙලා යන්න..."""""
"""""" නෑ ඉතින් ෆීඩ් බැක් එකක් ගත්තා කියලා වරදක් නෑනේ..."""""
මම ඉතින් තනියම කියව කියව අර මනුස්සයා අරක ඉවර කරලා එනකන් මග බලාගෙන හිටියා.. කොහොම හරි විනාඩි 10 ක් වගේ යනකොට බාගෙට මැරිලා වගේ මගේ පැත්තට වැනි වැනී එනවා..
""""""" අනේ සොරී පැටියෝ.. ගොඩක් වෙලාද ඇවිත්...""""""
මූ එකපාරටම පැටියෝ කියපු පාර,,,
""""""" පැටියෝ පැටියෝ ගාන්න එපා බොල.. මිස් කෙනෙක්ට ඇහුනොත් මන් මේ වෝඩ් එකට පය ගහලා ඉවරයී..."""""
""""""" අහ්හ් හරී හරී.... ෂූ.... """""
නිකේෂ් හෙන වැරදි දෙයක් කරා කිව්වා වගේ කටට ඇගිල්ලකුත් තියාගෙන ෂූ... ෂූ...ගානවා.. වෙලාවක මූගේ ඒවා දැක්කම මුද මල්ලී මමද මල්ලී කියලා හිතෙනවා..
YOU ARE READING
මේවාන්
Romans""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...