30.මේවාන්

515 61 1
                                    

මේවාන් 30

"""""" හරී හෙට උදේට මන් එන්නම්.. හැබැයි මන් ආපහු කියන්නම් මේවාන්ගෙන් එහාට වෙලා හිටපන්..""'"""

හැරිලා හිටපු මන් ආපහු ඒ පැත්තට ඇදුනේ.. මට වැරදිලා කියලා ඇහුනද කියලා හිතන ගමන්...

"""""" මොකාක් මූ මේ කාත් එක්කද මන් ගැන කතා කරන්නේ.."""""

මන් කල්පනා කරේ මගේන් එහාට වෙලා ඉන්න කියන්න තරම් මගේ ලගට වෙලා ඉන්නේ කව්ද කියලා...

""""""" වැරදිලාවත් නිකේෂයට කෝල් එකක්වත් අරගෙනද... එහෙම වෙන්න බෑනේ මූ නිකේෂ්ව අදුරන්නේ නෑනේ...""""""

""""""" මන් මොකටද අහස පොලව ගැටලන්න වගේ කල්පනා කරන්නේ මුගෙන්ම අහ ගත්තා නම් හරි නේ...""""""

මන් එහෙම හිතාගෙන ආපහු බැල්කනියට යන්න හදනකොට,

"""""" නෑ නෑ කලබල නොවී හිටපන් මේවාන්..  දැන් මේ කතා කරන්නේ  නිකේෂ් ගැන නෙවෙයි නම් මට මුගෙන් දැන ගන්න වෙන්නේ නෑ මේ කව්ද කියලා.... ඒකනිසා.හෙට උදේ ගේමක්.ගැහුවා නම් හරී...""""""

ඒ හිතලා ඉවර වෙන්න උනේ නෑ.. මට ඇහුනා ලොකූ කෝල් එක කට් කරන්න හදනවා.. මාත් අඩිය ඉක්මන් කරලා වොශ් රූම් එක අස්සට රිංග ගත්තා...

"'""""" ඔක්කෝටම කලින් අපේ මිනිහට කෝල් එකක් අරන් බලන්න ඕනි... හොස්පිටල් ඇත්තේ මේ මනුස්සයා ආන්සර් කරයිද දන්නේ නෑ.."""""

මන් දෙගිඩියාවෙන් වගේ කෝල්.එකක් ගත්තත් රින්ග්ස් දෙක තුනක් යනකොට කෝල් එක ආන්සර් කරා..

""""""" ඔහ්හ් බබා... තාම නිදි නැද්ද.."""""

""""""" තාම නෑ.. ඇයි මාව නිදි කරලා කොටු පනින්න යන්න වෙන්න ඇති හිතන් ඉන්නේ..""""""

""""""" ඔව් ඔව් මට වෙන වැඩ නෑනේ.. කියනවා මොකෝ මේ කවදාවත් නැතුව මල රෑ වෙලා කෝල්ස් ගන්නේ.. වෙනදට මේ වෙලාවට පතබෑවිලා වගේ නිදිනේ.."""""""

කෝල්.එක ගත්ත ගමන්ම ඕක අහන්න බෑනේ මන් ඒක නිසා පොඩ්ඩක් හුරතල් වෙන්න ගත්තා...

"""""""" නෑ නෑ අනේ.. මට මේ නිකන් ඔයාව මතක් උනා.. ඉතින් ඔයා හෙට අපි මොනාද කරන්නේ...""""""

""""""" කරන්නේද මේ වෝඩ් එක මැද්දේ මට කියන්න බැරිනිසා මන් මේ කට වහගෙන ඉන්නෙ.. නැත්නම්...""'""""

මේවාන්Where stories live. Discover now