14. මේවාන්
"""""" එහෙම ප්‍රශ්නයක් නෑ... කෝ ඔයා මුල ඉදන්ම මට කැමති උනේ නෑනේ... එහෙම නැත්නම් මන් ඔයාට...""""""
ශශීන් අයියට කියන්න ගියපු එක ඉවර කරන්න උනේ නෑ... අර මීටින් එක් ඉවර වෙලා කට්ටිය මේ පැත්තට එනවා
"""""" මේවාන් බලහන් අපේ අනිත් එවුන් නෑනේ.. Group එකට මැසේජ් එකක් දාහන්කො එන්න කියලා. දන්නවා නේ මට ඕවා දාන්න බෑ පස්සේ මට ඕකුන් එක්ක මරා ගන්න හිතෙනවා.""""""
යසිරු එහෙන කියාගෙන ඇවිත් මූණත් එල්ලගෙන ඉන්නවා.. මගෙයි ශශීන් අයියගෙයි කතාව එතනින්ම නැවතුනා. Group එකට මැසෙජ් එකක් දාලා ටිකක් වෙලා යනකොට අපේ අනිත් එවුනුත් හිමීට හිමීට ඇවිල්ලා ඩෙකරේෂන් වැඩේට සෙට් උනා..
පැයක් දෙකක් යනකන්ම අපි කරේ ඉතුරු බඩු ගේන්න හතර වටේ ඇවිදින එක... බඩු ටිකත් ගෙනැල්ලා ටික දෙනෙක් කැටයම් කපන තැනට සෙට් උනා.. මට හැබැයි කෙලින් ඉරක් ගහ ගන්නත් බෑ.. ඒත් මාත් ඔය කැටයම් කපන සෙට් එකට ගියා. මොකද මන් මාරම ආසයි චිත්‍ර කැටයම්.කපන ඒවා දිහා බලන් ඉන්න.
"""""" මේවාන් මේ උබට පුලුවන් නෙද මේක මේ පැන්සලෙන් ඇදලා තියෙන එක උඩින් කපාගෙන යන්න...""""""
අපිත් එක්ක හිටපු එකෙක් මට එහෙම කියන ගමන් මගේ පැත්තට කොළ වගයක් දික් කරා..
""""""" හරී මන් කරන්නම්... මට ලොකු කතුරකුත් දීහන් බන්..."""""
උගෙන් කතුරක් විතරයී ඉල්ලූවේ මූ පත කොල සෙට් එකක් දුන්නා කියහන්කෝ කපන්න කියලා.. මාත් නෑ බෑ නොකිය ගත්තා.. ඒකෙත් පොඩි ආතල් එකක් තියෙන නිසා...ඒ ටික අරගෙන මන් එහාට යන්න හදනකොට,,,
"""""""" අෆ්ෆා කොහෙද බබෝ මේ කොළ ගොඩකුත් උස්සගෙන යන්නේ..."""""
ශශීන් අයියා එහෙම අහගෙන මන් ඉන්න පැත්තට ආවා...
""""""" රෑට කන්න මේවනේ.. ඇයි මොකෝ තවුසෙටත් ඕනීද...""""""
මන් එහෙම අහගෙන ලග තිබුනු මේසෙකින් වාඩි උනා...
"""""" කෝ ඉන්නවා මාත් එන්නම් කතුරක් අරගෙන..""""""
ශශීනුත් එහෙම කියාගෙන ගිහින් පොඩි කතුරකුත් උස්සගෙන මන් ඉන්න තැනට ආවා...
YOU ARE READING
මේවාන්
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...