39.මේවාන්

405 56 5
                                    

39.මේවාන්

"""""""" අහ් අද මගේ යාලුවෙක්ගේ බර්ත්ඩේ පාටී එකක්... """"""""

"""""""" ඉතින් මූසලයෝ ඌ උබේ යාලුවෙක්නේ මගේ නෙවෙයි නේ.. තෝ කියන්නේ මටත් ඕකට එන්න කියලද.."""""""

මූ මෙතන මට පිබිනවා..

"'''''''''' අනේ මෙන්න මෙහේ වරෙන්.. ඌට මේ තව එකෙක් වැඩි උනා කියලා අවුලක් නෑ... ඌට ආතල් ගන්න ෆන් එක ගන්න දැන ඇදුනුම්කම් ඕනී නෑ.. කොල්ලෝ ටිකක් අල්ලගෙන කෑවා බිව්වා.. ඕක තමයි උගේ ආතල් එක..""""""

"""""""" අනේ ඕයී මන් අදුරන්නේත් නෑ ඕවගේ ඉන්න එවුන්...."""""""

යසිරුව නාහෙන් අඩ අඩාම කාර් එකෙන් බැස්සා.. මාත් ඇත්තටම මේ පාටියට එන්න නෙවෙයි හිටියේ කොහෙද වෙන සැලැස්මක් ඔලුවට ආපූ නිසා එන්න උනා...  දෙන්නා එක්ක ඇතුලට ගියාම අපේ ස්කූල් එකම එතන..

"""""""' අඩෝ.... අඩෝ... මේවාන්... අද නම් සමරන්නම ඕනී දවසක් හොදේ....""""""""

ඇතුලට ගියා විතරයී කොල්ලෝ ටික මාව දැකලා මගේ පැත්තට ආවා..

"""""""" අහ් කෝ උබලගේ බර්ත්ඩේ බෝයී.. එන්න කියපන් ඕකට Chief guest  ආවා කියලා.."""""""

ඒ කියනකොටම මේ බර්ත්ඩේ එකේ අයිතිකරු අපි ලගට ආවා..

""''''''''' මන් නම් තෝව දකිනකන් විශ්වාස කරේ නෑ උබ මෙහේ එයි කියලා.."""""""'

මිනිහා මාව හග් කරන ගමන් එහෙම කිව්වා.. කොහොමත් ස්කූල් අවුට් උනාට පස්සේ මන් ගෙට් එකකටවත් ගියෙ නෑ..

"""""""' මේ ඒක නෙවෙයි මන් අර සෙට් කරන්න කිව්ව කොල්ලෝ ටික රෙඩි නේ..."""""

මන් මිනිහගේ කනට ලන් කරල ඇහුවා...

""""""" ඔව් ඔව් අන්න උන් ටිකත් ඇවිල්ලා ඉන්නවා... මේ තෝ මට තෑග්ගක් ගෙනාවේ නැද්ද..."'"'''''''

මූ මගේ දිහා උඩ පහල බලන ගමන් ඇහුවා...

"""'"'''" තෑග්ග උබේ අතටම දෙන එක විශේෂ නෑනේ... අන්න පාර්සල් කරලා ගෙදරටම යැව්වා..""""""

""""""""  අඩෝ තෝ මේ පාරත් මොන විනාසයක් කරලද දන්නේ නෑ.."""""""

ඌට මගේ මූණ දැක්කම සාදාරණ බයක් දැනෙන්න ඇති...

"""""""" අහ් ඒකනෙවෙයී මේ මගේ අතිජාත මිත්‍රයා.. යසිරු... """""""""

මන් ඒ ගමන්ම ඌට යසිරුවත් අදුන්නලා දුන්නා...

මේවාන්Where stories live. Discover now